roof

783 209 29
                                    

" හ්යොන්ග්....."

ජිමින් කෑගහගෙන ම නම්ජුන් වෙත දිවයද්දි, මා හිටිතැනම ගල්ගැහුනෙ අැතිවූ තිගැස්ම මඟහැර හිත සන්සුන් කරගෙන සිදු වූ දේවල් ග්‍රහනය කරගන්නයි.

තත්පර කිහිපයක් අැතුලත සිදු වූ මේ සියල්ල මට තවමත් නපුරු හීනයක් වගෙයි.

අපි එක්ක එකටම හිටි, අපිට හැමවෙලාවෙම අාදරෙන් සලකපු, අපි හැමෝගෙම අාදරනීය වැඩිමහල් සහෝදරයා වුන ජින් හ්යොන්ග් දැන් අපිව දාලා ගිහින්ද සදහටම... එයා අායෙ කවදාවත් අපි අතරට ඉස්සර වගේ එන්නෙ නැද්ද....

එ් ගැන දුක් වෙන්නත් ඉඩක් නොතියාම අපේ තාත්තා වගේ අපිව බලාගත්ත අපේ නායකයා, එ් වගේම මං තාත්තට පස්සේ මේ ලෝකෙ වැඩිපුරම ගරු කරපු කෙනා, නම්ජුන් හ්යොන්ග්.... එයත් දැන් මැරුනා කියලා මං කොහොමද විශ්වාස කරන්නේ....

මේ හැමදේටම වග කිව යුතු එ් කුරිරු හොල්මන අපේ අාදරනීයයන් අපෙන් වෙන් කරලා, එ් මදිවට අපි හැමෝටම අනතුරු අඟවලා අතුරුදන් වුනේ මහ හඬින් හිනාවෙමින්...

මට දැනුනෙ මාව කෝපයෙන් පිච්චෙනවා වගෙයි... නම්ජුන් හ්යොන්ග්ට එ් වෙලාවෙ දැනුන හැඟීම් මට දැන් හිතාගන්න පුලුවන්. තමන්ගේ අාදරනීයයෙක් තමන්ගේ දෑත් මත මියැදෙද්දි, එ්කට වග කිවයුත්තා සිනාසෙමින් බලා ඉද්දි තවත් ඉවසන් බලන් ඉන්න පුලුවන් කාටද...

එ්ත්.... අන්තිමේදි එයාට අත්වුන ඉරනම...

මගේ දෑස් ඉදිරියේ නම්ජුන් මිය ගිය එ් බියකරු දර්ශනය නැවත නැවතත් මැවී පෙනුනා....ඔහුගෙ උදරය පසාරු කරගෙන හිතක් පපුවක් නැති කඩු තලය ගමන් කරන විට ඔහුගෙ මුහුනෙහි රැඳී තිබුණු වේදනාකාරීබව.... ඊලඟට ජින්ගෙ වේදනාත්මක බැල්ම... ඔහුගෙ අවාසනාවන්ත මරනය... මේ හැමදෙයක්ම නැවත නැවතත් සිදුවෙනවාක් මෙන් මා ඉදිරියේ දර්ශනය වුනා.

අසාධාරණ විදියට මියගිය මගේ මිතුරන් වෙනුවෙන් මට යමක් කල යුතු වුනත්, කල හැකි කිසිවක් නොමැති බව දැනෙද්දි මගෙ හදවත වේදනාවෙන් රිදුම් දුන්නා.

නම්ජුන්ගෙ සිරුර අසලට යාමට මටත් අවැසි වුනත්, මගෙ දෙපා මට කීකරු වුනේ නෑ.

DEATHWhere stories live. Discover now