" ඔයාට බෑ ජන්කුක්ට මොකුත් කරන්න මං ඉන්නකන්. මගෙ යාලුවො පස්දෙනාම ඔහේ මරලා දැම්මා. අඩුම තරමෙ ජන්කුක්ටවත් යන්න දෙන්න..."
මා පසුබැස්සත් ටේ තවමත් මා ජීවත් කරවීමට වෙහෙසෙනවා.
මා හිමිහිට දෙනෙත් විවර කර ඔහු දෙස බැලුවා.
ඔහුගේ නිර්භය දෑස ඍජුවම අැය වෙත එල්ල වී තිබුණා.
" ඔයාට ඕනම දෙයක් මං කරලා දෙන්නම්... ඕන නම් මාත් අනිත් අය වගේ ඔයාගෙ වහලෙක් වෙන්නම්; එ්ත් ජන්කුක්ව බේරලා යවන්න. "
ඔහු කටහඬේ ගැබ්ව තිබුනේ ඉල්ලීමකට වඩා තර්ජනාත්මක හඬක්.
ඔහු තමන්ගෙ අාත්මයම කැප කරලා මාව බේරගන්න වෙහෙස වනු දකින විට, බියගුල්ලෙක් වගේ මෙලෙස ගුලි වී සිටීම ගැන මටම මා ගැන ලැජ්ජාවක් අැති වුනා.
ඔහු හැමදිනකම මෙන්, මරණය සමඟ සටන් වැදුණු දිනයක් වූ අද දවසෙත් මා වෙනුවෙන් පෙනී සිටියා.
පුහුනුවීම් වලදී කෝච්ගෙ බැනුම් හමුවේදී වගේම, අපව මරාදමන්න උත්සාහ දරන හොල්මනක් ඉදිරියෙහි පවා ඔහු මා වෙනුවෙන් ඉදිරිපත් වුනා.
' නමුත් මා මේ වනතුරුත් ඔහු වෙනුවෙන් කල දෙයක් නොවේ නේද...'
' මාත් ඔහු වෙනුවෙන් යමක් කල යුතුයි. ඔව් මේ එ්කට ලැබෙන හොඳම අවස්ථාවයි... නෑ... සමහර විට මේක අවසාන අවස්ථාව වේවි...'
බිය පසෙක දමා මා නැගී සිටියේ, අවසාන මොහොතේදී හෝ මගේ අාදරනීයයා වෙනුවෙන් යමක් කල යුතු යැයි සිතමින්.
" නෑ.... ඔයා මගේ ජීවිතේ අරන් ටේගෙ ජීවිතේ බේරන්න... මට මොනවා වුනත් කමක් නෑ ටේව බේරන්න... කරුණාකරලා...."
මා හොල්මන ඉදිරියෙහි බැගෑපත් වුනා. මට මොන දේ වුනත් ටේව කෙසේ හෝ බේරා යැවීමයි දැන් මගේ එකම බලාපොරොත්තුව....
ඔහුට කුමක් හෝ සිදුවුවහොත් මා හටත් ජීවත් විය නොහැකි බවක් මගේ හදවතට දැනෙන්න ගත්තා.
නමුත් හොල්මනට නම් මේ සියල්ල සරදමක් වගෙයි. අැයගේ සමච්චල් සහගත හිනාවෙන් මට එ් බව තේරුනා.
![](https://img.wattpad.com/cover/205307627-288-k31289.jpg)
YOU ARE READING
DEATH
HorrorA NiGHt WiTh DeAth . . . seven boys and their coach went on a journey and they got lost... at that night, they had faced the most scariest things in the world.... it's only one night.... JUST ONE NIGHT they had to fight with death... another bangt...