3.47

926 237 63
                                    

" අහන්න අපිට තවත් මෙතන නැවතිලා ඉන්න බෑනෙ... අපි යමු වාහනෙත් අරන් මෙතනින් පුලුවන් තරමක් අෑතට... මට පුලුවන් ඩ්‍රයිව් කරන්න..."

මාරයගෙ කටේ ඉන්නකොට දේව කරුණාව ලැබුනා වගේ අැහුන ජින්ගෙ වචනවලින් මගෙ හිතට පුංචිම පුංචි සහනයක් දැනුනත්, මගෙ හිතට අාව මොකක්දෝ නපුරු හැඟීමක් මට එ් පිලිබඳ සතුටු වෙන්න ඉඩක් ලබා දුන්නෙම නෑ.

මේ සිදුවුන දේවල් එක්ක තව මොනව නම් සිදු වෙයිද කියලා තමයි මගෙ හිත හැම තිස්සෙම චකිතයෙන් හිටියෙ.

" හරි... ජින් ඩ්‍රයිව් කරන්න. එ්ක විතරනෙ අපිට මෙතනින් බේරිලා යන්න තියන එකම විදිය. එ්ත්....දැක්කනෙ සෝජුන්ට වුන දේ.  එ්නිසා අපිත් ජින් ලඟින්ම ඉමු. මොනව හරි වෙන්න ගියත් එතකොට අපිට පුලුවන්නෙ එයාට කරදරයක් නොවී බේරගන්න. "

අාපසු යථා තත්ත්වයට පත්වෙමින් හිටිය නම්ජුන් කිව්වා. එ් අදහසට එකඟ වුන අපිත් ජින් එක්ක ඉදිරිපස අසුන වෙත ගියා.

බේරිලා යන්න?!!

මට අැහුන විදිය හරි නම් නම්ජුන් එහෙම දෙයක් කිව්වා. කාගෙන්ද අපි බේරිලා යන්නෙ?. එ් කියන්නෙ මං දැකපු දේ අැත්තද... අපි දිහා බලන් හිටිය කාන්තාව අැත්තක්ද... එයා අැත්තක් නම්,.. එ් බලන් හිටිය විදියට නම් එයා කීයටවත් අපිට යන්න දෙන එකක් නෑ...

අපිට වාහනේ පන ගන්වගන්න බැරි වෙයිද... මීදුම නිසා ඉදිරියට යන්න බැරි වෙයිද... අපිව අතරමං වෙයිද... අර විරූපී කාන්තාව අායෙමත් අපි ඉස්සරහට එයිද... අපේ ජින්ට මොකක් හරි කරදරයක් වෙයිද....

මේ වගේ අසුභ දේවල් මගෙ හිතට කෙලවරක් නැතුව ගලාගෙන අාවා.

හැමදෙනාම ඉහලට ගත් හුස්ම හිර කරන් බලාගෙන හිටියෙ ජින් වාහනය පන ගන්වන තුරු.

චක චක හඬක් නංවමින් කෙඳිරි ගෑ එන්ජිම තුන්වන උත්සාහයෙන් පන ගන්වගන්න ජින්ට හැකිවුනා.

එ් සමඟම හැමෝගෙම සුසුම් වාතලයට මුසු වුනේ, 'අම්මෝ... අැති යන්තම් ' කියා කියන්නා වගෙයි.

රථයේ ඉදිරිපස ලාම්පුවල අාලෝකය මීදුම් කඩතුරාව මඳක් මෑත් කරමින් අඩියක් දෙකක් දුරට මාර්ගය පැහැදිලි කලා. එ් නිසා රථය ඉදිරියට අැදුනෙ ඉතාමත්ම සෙමින්.

DEATHWhere stories live. Discover now