just one night

938 229 60
                                    

එ් කටහඬින් හිටිතැනම ගල් ගැහුනු මම අාපසු හැරුනේ එ් කටහඬේ අයිතිකාරයා මං හිතපු කෙනාමද කියලා බලන්නයි.

ඔව් එ් මං හිතපු කෙනාම තමයි. එයා හිනාවෙවී බලන් ඉන්න විදිය දැක්කම එකපාරටම මට හිතුනෙ එ් දිව්‍ය ලෝකෙන් බැහැලා අාව සුර දූතයෙක්ද කියලා...

අැතිවෙලා තිබුන පුංචි පුංචි සීරුම් තුවාලවලින් අැතිවුන ලාවට වියලුනු ලේ පැල්ලම් මුහුණ පුරා තිබුනත් අනිත් කවරදාටත් වඩා අද මට එයාව ලස්සනට පෙනුනා. එ් වගේම කවදාවත් නැති විදියට එයාගෙ ලොකු වටිනාකමක්, අනිත් හැමෝටම වඩා මට තියෙන බවක් තමා මගෙ හිත මට හඬගා කිව්වේ.

මං මුලු හිතින්ම ප්‍රාර්ථනා කල දේ මගෙ අැස් ඉදිරිපිටම අැත්තක් වෙලා තිබුනෙ හීනෙකින්වත් නොහිතපු විදියට.

ගල් වෙලා තිබුන කකුල් දෙකට හයි ය අරන් මං තේ ලඟට දිව්වෙ, හ්යොන්ග්ලා තවමත් තේ දිහා අැස් ලොකු කරන් බලා ඉන්නව කියලා දැක්කත් එ් ගැන සතේකට මායිම් නොකර.

එ් වෙලාවෙ මගෙ හිතට දැනුන උද්දාමය විස්තර කරන්න මට වචන තිබ්බෙ නෑ. මට දැනුනෙ මට මුලු ලෝකයක්ම ලැබුනා වගේ. මට ඕනේ වුනේ මගෙ තේව මට අායෙම ලැබුනා කියලා මුලු ලෝකෙටම කෑගහලා කියන්නයි.

එ් හැමදේම අමතක කරලා මං දුවගෙන ගිහින් තේව බදාගත්තෙ එයා අායෙමත් මාව දාලා යයි කියලා බයක් දැනුන නිසයි.

මං එයාට හෙල්ලෙන්නවත් බැරි තරමට තදින් බදාගෙන හිතාගත්තෙ මොන තරම් අනතුරු වෙලාවකදි වුනත්, අායෙ නම් පුංචි මොහොතකටවත් එයාගෙන් වෙන්වෙන්නෙ නෑයි කියලයි.

" ජන්කුක් දැන් අැති නේද.. ඔයා මාව අතඅැරියෙ නැත්තන් මං මෙතන හුස්ම ගන්න බැරුව මැරිලා යයි..."

මගෙන් ගැලවෙන්න බොරු උත්සාහයක් දරමින් තේ කිව්වේ අනික් අය බලන් ඉන්න නිසා ලැජ්ජාවෙන් වගේ වුනත් එයාටත් මගෙන් අෑත් වෙන්න නම් වුවමනාවක් නෑ වගෙයි දැනුනෙ.

එයා මොනව කිව්වත් මංනෙ දන්නෙ එයාට මොකක් හරි කරදරයක් වෙලා අැති කියලා මං මෙතන පිච්චි පිච්චි හිටිය විදිය...

DEATHWo Geschichten leben. Entdecke jetzt