Tae

962 231 75
                                    

තේගෙ වචනවලින් මඳ වෙලාවක් ගල් ගැහිලා බලන් හිටිය පිරිස අතරින් ඉදිරියට අාව නම්ජුන් තේ ලඟට ගිහින් පිටත බැලුවා. ඔහු අාපසු හැරුනේ තේ නිවැරදි බව අඟවන්න හිස සලමින්.

මටනම් හිතා ගන්න බැරි තේ කියපු කතාව.. අැයි එයා කිව්වේ එයා හිතපු විදියටම සිද්ද වුනා කියලා... එ් කියන්නේ එයා මෙහෙම වන බව කලින් දැනන් හිටියද...

මගෙ ප්‍රශ්නෙ මං අහන්න කලින් හෝසොක් තේට ඉදිරිපත් කලා.

" තේ, ඔයා මේ වෙන දේවල් ගැන අපිට වඩා මොනව හරි දෙයක් දන්නවා නේද... දැන්වත් මේවා ගැන අපිටත් කිව්වොත් හොඳයි නේද තේ... අපි කොච්චර බය වුනත් අැත්තට මූන දෙන්න එපැයි... "

මඳ වෙලාවක් තේ බිම බලාගෙන මොනවදෝ කල්පනා කලත් වචනයක්වත් කතා කලේ නෑ. අන්තිමට සුසුමක් හෙලමින් හිස ඔසවා නම්ජුන් දිහා එයා බැලුවෙ අවසර ගන්න වගේ. නම්ජුන්ගෙ හිස සැලීම හමුවේ තේ කතාව පටන් ගත්තා.

" ඔව් ඔයාලා අනුමාන කලා වගේ ඔයාලට වඩා දෙයක් මං දන්නවා. හැබැයි මේක අහලා බය වෙන්න නම් එපා. ඔයාලා විශ්වාස කලත් නොකලත් මලගිය අාත්ම ඉන්නවා. ඔයාලගෙ වචනෙන් කිව්වොත් හොල්මන් කියලා කට්ටියක් අැත්තටම ඉන්නවා."

තේගෙ කතාවට බාධාවක් එල්ල වුනේ කුනාටුවක් වගේ මහ හඬින් හමා ගිය සුළං පාරකින්. එ්ත් එ් බයානක හුළඟ එක වතාවකින් නතර වුනේ නෑ...

පරිසරය වසාගත්ත ඝන මීදුම අතරේ නොදන්නා පලාතක කිසි පිලිසරනක් නැතුව ඉන්න අපිට දැන් කුනාටුවකුත් සරදම් කරන්න අැවිත්ද...

එ්ත් එ්ක අපිට කරන සරදමකට වඩා මරණ තර්ජනයක් වගේ අනතුරු අැඟවීමක් බව තේරෙන්න අපිට වැඩි වෙලාවක් ගියෙ නෑ.

අකුනු පුපුරවමින් ගෝරනාඩු කරන අහසත්, සුලඟේ විලාපයත් සමඟ හඳුනා ගත නොහැකි අමුතු හඬකුත් අපට අැසෙන්න ගත්තා.

එ් සමඟම අපිට ඉතාමත් අාසන්නයෙන් ගලාගිය දීප්තිමත් අාලෝක ධාරාවක් එක්කම අසල තිබුන ගසක් වෙත මහ හඬින් අකුනක් පිපිරුවෙ අපි හැමදෙනාම තිගස්සවමින්. එ්ක පිපිරුවෙ කොයිතරම් ලඟින්ද කියනව නම් මං හිතුවෙ අකුන වැදුනෙ මගෙ ඔලුවටමයි කියලා.

DEATHWhere stories live. Discover now