Euphoria

731 194 133
                                    

අඳුරු කාමරයේ හෝසොක් හ්යොන්ග් සිටින බවක් මට දැනෙන්නේ අැයි...

වැඩි අාලෝකයක් නොතිබුනත් කාමරයට අැතුල් වී පරීක්ෂා කිරීමට මට අවැසි වුනා.

හිමින් හිමින් අඩි තබමින් දොරෙන් අැතුල් වුන මට දක්නට ලැබුණේ සඳ එලියෙන් මඳක් අාලෝකමත් වුන සාමාන්‍ය අාකාරයට පිලියෙල කල කාමරයක්. මා බලාපොරොත්තු වූ පරිදි බයානක කිසිවක් එහි තිබුනේ නෑ.

නමුත් එහි යම් අමුත්තක් තිබෙන බව අැතුල් වන විටම මට දැනුනා.

එ් අමුත්ත කුමක්ද?

මා අැස් එ් මේ අත යවමින් විපරම් කලා. මේ අතර අදිසි දෑසක් මා දෙස කාමරයේ වූ අඳුරු මුල්ලේ සිට බලා සිටින බවක් මට දැනුනා.

එ් අර හොල්මනද? නැත්තන් ටේ කිව්ව විදියට පිසාචයෙක්වත් මගෙ පස්සෙන් අාවද... එහෙම නැත්නම් එ් හෝසොක් හ්යොන්ග්වත්ද...

මොන දේ වුනත් මෙතරම් ලඟට අැවිත් එ් ගැන බලන්නෙ නැතුව යන්න බෑනෙ. කෙසේ හෝ එ් පිලිබඳව පරීක්ෂා කර බලන්න හිත හදාගත් මා අඳුරු මුල්ල වෙත පිය නැගුවා.

මිනිසෙකුගේ තරම් උසට අැති යමක් එහි තිබෙන බව ලං වන විට මට පෙනුනා.

' එ් මිනී පෙට්ටියක්වත්ද? එ්ක අැතුලෙ අවුරුදු ගානක් පරන මමියක්වත් තියෙයිද?  '

මඳකට හිටි තැනම නතර වුන මා හොල්මන් ෆිල්ම්වල සිදුවන පරිදි අනුමාන කලා.

" මටත් පිස්සු ද? මේ අැත්ත ලෝකෙනෙ... මමී කොහෙද අපේ රටේ... සමහර විට හෝසොක් හ්යොන්ග්ව හිර කරලාවත් අැතිද දන්නෑනෙ එතන.. කෝකටත් ගිහින් බලන එක හොඳයිනෙ..."

මං මටම කියාගත්තත් ටේත් එය අනුමත කරාවියැයි මා බලාපොරොත්තු වුනා. නමුත් ඔහුගෙන් කිසිම පිලිතුරක් ලැබුනෙ නෑ. මා ඔහු වෙත අමනාපෙන් හැරුනේ අනුමත කිරීමක් හෝ විරුද්ධ වීමක් නොකර නිහඬව සිටීම ගැන බනින්නටත් එක්කයි.

එවිටයි මා දැක්කෙ ඔහු මා ලඟ නොමැති බව.

' ටේ මාව දාලා ගියාද? එ්ත්... එයා කිව්වනෙ අායෙ මාව දාලා කොහෙවත් යන්නෙ නෑ කියලා. '

DEATHWhere stories live. Discover now