last minutes

728 202 104
                                    

ලේ තැවරුණු එක් පසකෙකින් ඉරී ගිය රාත්‍රී නිදන ගවුමෙන් සැරසුණු හොල්මනට පසෙකින් වූයේ, තම අවසන් මොහොත දක්වාම අපව බේරා ගැනීම වෙනුවෙන් සටන් වැදුණු, අපේ නායකයයි. නම්ජුන් හ්යොන්ග්ට පිටුපසින් හිටියේ ජින් හ්යොන්ග් බව අඳුරේම වුවත් මට හඳුනා ගත හැකි වුනා.

හොල්මනගේ අනෙක් පසින් සිටියේ හෝසොක් හ්යොන්ග් යි. ඔහුට එහායින් කෝච් සහ තවත් පිරිසක් සිටියා. ඔවුන් සැමගේම මලානික දෑස් යොමු වී තිබුනේ අප වෙතයි.

ඔවුන් හැමදෙනාගෙම දක්නට ලැබුනු සමානකම වූයේ, හැමගේම සිරුරුවල මරණීය තුවාල දක්නට ලැබීමයි. ඔවුන්ව දකින ඕනෑම අයෙකුට ඔවුන් මිය ගියේ කෙසේදැයි කිව හැකි වුනා.

" ජන්කුක් ඔයා කොහෙද බලාගෙන ඉන්නේ? අැයි ඉක්මනට මෙතනින් යං කිව්වේ? "

මගෙන් විමසන ගමන් ජිමින් මා බලා සිටි දෙසට හැරුනා. මා ඔහුව වළකාලන්නට උත්සාහ දැරුවත්, ඔහු මට වඩා ඉක්මන් වුනා.

" දෙවියනේ!!! "

ජිමින් කෑගැහුවා නෙවෙයි මං හිතන්නේ එයාට කෑගැහුනා.

ඔවුන් බලා සිටි අයුරු දකින ඕනෑම අයෙකුට ඔවුන් සිටින්නේ යහපතක් කිරීමට නම් නොවන බව පෙනුනා. හඳුනන නාඳුනන හැමදෙනාම අපි ඔවුන් වෙත කල දරුනු වරදකට පලි ගැනීමට මෙනුයි බලා හිටියෙ. ඔවුන්ට නායකත්වය සපයමින් මෙන් මෙතෙක් වේලා අපව හඹා අා හොල්මන ඉදිරියෙන්ම සිටියා.

" දැන් ඉතින් හිත හිතා ඉඳලා වැඩක් නෑ. දුවන්නයි තියෙන්නේ... ජීවිතේ බේරගන්න. වෙන්වෙන්නෙ නැතුව දුවන්න මතක තියාගන්න. "

ටේ කිව්වේ මාවත් අැදගෙන දුවන ගමන්.

" එයාලත් අර නපුරු හොල්මනටම එකතු වෙලාද? එයාලා කොහොමද එයාලවම මරපු කෙනා එක්ක එකතු වෙලා අපිව මරන්න එන්නේ?  "

ජිමින් සමඟ අප පසුපසින් දිව එමින්, හති අල්ලන ගමන්ම යුන්ගි අැහුවා.

" එයාලා හොල්මනත් එක්ක එකතු වෙලා අපිව මරන්න එනවා නෙමෙයි... අර හොල්මන් ගෑනි එයාලාගේ අාත්මයන් එයාට යටත් කරගෙන... එයාට ඕන විදියට තමයි අද දවසෙ මේ ගොඩනැගිල්ල අැතුලෙ මැරෙන හැම කෙනෙක්ම වැඩ කරන්න ඕනේ...."

DEATHWhere stories live. Discover now