Zombies???

733 200 63
                                    

අැයගෙ සිනා හඬ මගෙ සවන්පත් අතර දෙදරුම් කෑවෙ මරනීය සීනු හඬක් වගෙයි.

අතෙන් නැගුන වේදනාව අමතක කරමින් මා හෝසොක් හ්යොන්ග්ව සෙවීමට අඳුරේම උත්සාහ දැරුවා. මඳ වෙලාවක උත්සාහයෙන් ඔහු මගෙ අත මානයේ නම් නොමැති බව මට අවබෝධ වුනා.

" හෝසොක් හ්යොන්ග්.... හෝසොක් හ්යොන්ග්... ඔයා කොහෙද... කතා කරන්නකෝ..."

මං කෑගැහුවෙ හෝසොක් හ්යොන්ග් අත මානෙක නොහිටියත්, මාව අැහෙන හරියක හිටියොත් කියලා හිතලයි. මාත් සමඟම ටේත් හෝසොක් හ්යොන්ග්ව සොයමින් කෑගැසුවත්, දෙතුන් වතාවක උත්සාහයෙන් පසු ඔහු නිහඬ වුනා.

" කතා කලාට වැඩක් නෑ. අපිට කතා කරන්න පුලුවන් තත්වෙක එයා ඉන්නවා නම් මේ වෙනකොටත් එයා උත්තර දීලා."

එසේ කියමින් ටේ මාද කෑගෑමෙන් වලකන බව දැනුනෙන් මාත් ඔහුව අනුගමනය කරමින් නිහඬ වුනා.

එ් වන විටත් පෙර පැවති දරුනු සුලඟ නතර වී තිබුන බැවින් අවට තිබුනේ පුදුමාකාර නිහැඬියාවක්. එය විශාල විනාශයක් කල කුනාටුවකට පසු අැතිවන අසාමාන්‍ය නිහැඬියාවක්ද, නැතිනම් සුනාමියක ට පෙර අැතිවන අනතුරු අැඟවීමක් වැනි බියකරු නිහැඬියාවක්ද යන්න තේරුම් ගැනීමට මට නොහැකි වුනා.

අැතිවූ බයත් වේදනාවත් නිසා අඬන්න ඕනේවුනත්, ටේගෙ ලඟ පුංචි ලමයෙක් වගේ හැසිරෙන්න ඕනේ උනේ නැති නිසා, අමාරුවෙන් වුණත් මං කඳුළු හිරකරගත්තා.

මගේ අත ඔහුගෙ වැලමිටත් සිරුරත් අතර සිර කරගත් ටේ තම අත් දෙකම යොදාගනිමින් නැවතත් විදුලි පන්දම පනගැන්වීමට උත්සාහ දරනු මට දැනුනා.

ඔහු මා ලඟින් සිටීම මේ මොහොතේ අන් කවරදෙයකටත් වඩා මට වටින දෙයක් වුනා. ඔහු මා අසලින්ම ඉන්නා බව දැනෙන විට මගෙ හිතට දැනුන සියලු වේදනාවන් අඩුව යම් සහනයක් දැනුනා.

මගෙ තුවාල වූ අතෙන් නැගෙන්නට වූ තියුණු වේදනාව නිසා මා අායෙමත් ටේගෙ ග්‍රහනයේ තිබුන අත ඔහුගෙන් මුදාගෙන රිදුම් දුන් අත අල්ලා ගැනීමට තැත් කලා.

DEATHWhere stories live. Discover now