1 ! 2 !

831 215 86
                                    

අැය අතුරුදන් වී තත්පර ගනනකින් අපට අැසුනු තියුණු කෑගෑම අැගේ ජීවිතයේ අවසානය වූ බව මට වගේම අනිත් හැමෝටමත් හිතුන බව ඔවුන්ගේ ඉරියව්වලින් මට දැනුනා.

තත්පර කීපයක් තුල සිදුවූ එ් අවාසනාවන්ත සිදුවීම අප හැමදෙනාවම ගොලු කරදැමීමට සමත් වුනා.

අැය කියන්න ගියේ මොකක්ද... අද රෑට හෝටලේ අැතුලෙදි කෙනෙක් මැරුනොත් එයාට මොකද වෙන්නේ... අද රෑ තියන විශේෂත්වය මොකක්ද.. මේ ගැනමද එතකොට සෝජුනුත් කියන්න ගිහින් අතරමැද නැවැත්තුවේ...

මට අහස දිහා බැලුනෙ ඉබේටමයි. අඳුරු අහසේ පූර්ණ චන්ද්‍රයා බබලමින් තිබුනෙ මා කිසිදිනක දැක නොතිබූ අාකාරයේ තද තැඹිලි පැහැයකින්... සඳ එලියෙන් නැහැවුනු මුලු පරිසරයේම තිබුනෙ අමුතුම ශෝකාකූල බවක්...

මොහොතකට පෙර අප සමඟ සිටි තරුනිය අත දිගු කර පෙන්වූ දිශාව මා විපරම් කලේ අැය කිවූ අාකාරයට හෝටලය තවමත් තිබේදැයි පිරික්සන්නට යි.

මෙතෙක් වෙලාවක් නොතිබු පාලු  ගොඩනැගිල්ලක් දැවැන්ත ගස් අතරින් දිස් වුනේ මා පුදුමයට පත් කරමින්.

හිටිහැටියේම එ් ගොඩනැගිල්ල මෙතැනට පැමිනියේ කෙසේද... එහෙම නැත්නම් එය මෙතෙක් වෙලාවක් මෙතනම පැවතියේද... එසේ නම් අනතුර අපව සොයාගෙන එ්මට පෙර අපද අනතුර සොයා අැවිත් අැත්තේ?...

මොනවා නමුත් දැන් නම් කුමක් හෝ බයානක දෙයක් සිදුවෙමින් තිබෙන බව මට දැනුනා.

මා බලන බලන වාරයක් පාසා එය අපට ලං වන බවක් මට දැනුනා.

" ටේ... අපි ඉක්මනට මෙතනින් යමු... නැත්තන් මොකක් වෙයිද දන්නැ... අර හොටලේ දැන් අපි ලඟට ම අැවිත්... නැත්තන් අපි එ් හෝටලේ ලඟට අැවිත්.. එ්ත් කවුරුත් එ් දිහා බලන්න එපා.. එතකොට එ්ක අපි ලඟට එනව කියලයි මට හිතෙන්නේ..."

එ්ත් මං කියනකොට පරක්කු වැඩියි. හැමෝම එ් දෙස බලා තිබුනා.

මා නැවත බලන විට අප සිටියෙ පැරණි හෝටලයේ ඉදිරිපස දොර ඉදිරිපිට යි...

" කවුරුත් දොර අරින්න හිතන්නවත් එපා මොනදේ වුනත්..."

ටේ තද ස්වරයෙන් කීවෙ අප අනතුර අත මානයටම පැමිණ අැති බව තේරුම් ගත් නිසාවෙන් මෙන්.

DEATHWhere stories live. Discover now