GOT KISSED BY???

894 221 46
                                    

මා දෑස් පියාගෙනම නිසොල්මනේ සිටියෙ කලහැක්කක් සිතාගත නොහැකිව යි.

අැයව මා ඉවතට තල්ලු කලොත් අැය මට මොනවා කරයිද... අැය ටේව මරන්න උත්සාහ කලා වගේ මාවත් මරයිද... මාව බේරගන්න කවුරුත් එයිද... අැයි ටේ ඉක්මනට මෙතනට එන්නෙ නැත්තෙ....

බයේ ගැහි ගැහි ඉන්න අතරෙ මට වෙන වෙන විකාරත් සිහියට අාවා.

' දෙයියනේ..මං කොහොමද විශ්වාස කරන්නේ මගෙ පලවෙනි කිස් එක හොල්මනකගෙන් ලැබුනයි කියලා... කාගෙන් වුනත්, සිප ගැනීමකදි එහෙනම් දැනෙන්නේ මෙහෙමද...නැත්තම් කිස් කරන කෙනා අනුව දැනෙන හැඟීම් වෙනස් වෙනවද...'

මරනය දෑස මානෙ තිබුන නිසාද මගෙ ඔලුව විකාර වෙලාද කොහෙද... මරන මංචකයෙ ඉඳන් මං කල්පනා කරපු දේවල් නම් මේ ලෝකෙ කිසිකෙනෙක් හිතන එකක් නෑ මේ වගේ වෙලාවකදි...

මොනව වුනත් මං එක දෙයක් නම් හොඳින්ම දැන හිටියා. එ් මේ මට ලැබෙන පලවෙනි වගේම අන්තිම සිප ගැනීම වන බව.

මෙවන් වැදගැම්මකට නැති දේවල් සිතන එක ගැන මං මටම හිතින් දෝෂාරෝපණය කරගත්තා.

එ්ත්...මං මොනව කලත් මට එ් හැඟීම මඟඅරින්න බැරි වුනා.

අැයගෙ සීතල දෙතොල් මගේ තොල් පෙති අතර සිර වන විට, අැගේ දෑත් මගෙ උරහිස් ග්‍රහනය කරගත්තා.අැගෙ සිසිල් හුස්ම මගෙ කම්මුල් මත වදින විට මට දැනුනෙ අමුතුම හැඟීමක්...

මොහොතකට පෙර මරන බිය විඳිමින් සිටි මා හදිසියේම, දෑස් පියාගත්වනම එ් සිප ගැනීම විඳිමින් හිටියා.

" ජන්කුක්... ජන්කුක් නැගිටින්නකො..."

කවුරුන් හෝ අඬගසන හඬක් මට අැහුනා. හැබැයි එ් ටේ නෙවෙයි...

එ් ජිමින්...

" ජන්කුක්... ජන්කුක්... "

එ් පාර ජින්ගෙ හඬ...

එයාලගෙ කටහඬවල් අැහුනෙ ඉතාමත් අාසන්නයෙන්. හරියට එයාලා මගෙ ඉස්සරහ ඉඳන් කතා කරනවා වගෙයි මට අැහුනෙ.

එයාලා ලඟපාත ඉන්නවා නම් බේරෙන්න පුලුවන් වෙයි මට...

මං දෑස් විවර කලේ හ්යොන්ග්ලා ව දකින අදහසින්. එයාලව නම් දැක්කා.

DEATHWhere stories live. Discover now