🖤Teaser🖤

5.3K 370 22
                                    

Han eul

ඉපදිච්ච ගමන් ම පාරේ අයිනක දලා ගිහින් තිබ්බ මට උරුම වුනේ දකින දකින තැන ලේ ගැවිච්ච අපරාධ වලින් පිරුණු මේ ගද ගහන මේ ලෝකේ විතරයි.... පොඩි කාලේ ඉදලාම එක එකා කියන පදේට වැඩ කරලා හෙම්බත් වෙලා හිටපු මට අහම්බෙන් මුණ ගැහුනු ඒ දගකාරයා නිසා අලුත් ජිවිතයක් ලැබුණා. ඒ ජිවිතේට ආදරේ දීලා සතුටක් ගේන්න පුළුවන් වුනේ ඒ අහිංසක ඇස් දෙකටම විතරයි❤️ මගෙයි කියන්න කිසි දෙයක් නැති මට හිත පිරෙන්න ආදරේ කරන්න හිටියෙත් ඒ ඇස් දෙක විතරයි. කිසි දවසක මට උරුම නෑ කියලා හිතපු ආදරේ කියන දේ මට උරුම කලෙත් ඒ ඇස් දෙක. ඒ දුන්න ආදරේ රැක ගන්න මට පුළුවන් වෙයිද????? මේ නරකාදියෙන් මට ගැලවෙන්න පුළුවන් වෙයිද?????

Kim Taehyung

මගේ මුළු ජිවිතයම වුනේ BTS💜 Group එකට ඇතුල් වෙච්ච දවසේ ඉදලා අලුත් ම ජිවිතයක්, වෙනස් ඒකාකාරි ජිවිතයක් තමයි මට අයිති වුනේ.... ඒත් කවදාවත් හිතපු නැති විදිහට මගේ ජිවිතේ වෙනස් වුනේ අහම්බෙන් හම්බ වෙච්ච ඒ දඩබ්බර ඇස් නිසයි. මීට කලින් කෙල්ලෙක් ලගින් මම නොදැක්ක ලොකුකමක්, දඩබ්බර ගතියක් තිබ්බ නිසාමද කොහේද මේ තරම් ම හිත ඇදිලා ගියේ. මේ ටේහ්‍යොන් කවදත් කැමති අමුතු දේවල් වලට නේ.... ඒ දඩබ්බරීව කොහොම හරි මගේම කරගෙන තමයි මම නවතින්නේ ❤️

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

හායි ලමයි කොහොමද ඉතිං🤗 ඔන්න මගේ දෙවැනි FF එක You got the best of me අරගෙන ආවා. මේකේ ඉන්නේ අපේ ටේහ්‍යොන්🐯 ඉතිං බලමුකෝ ටේහ්‍යොන් කොහොම මේ කතාවේ ඉදී ද කියලා. අනිත් කෙනා Han eul. ටේ කියන විදිහට නම් ටිකක් දඩබ්බර, සීන් එකේ ඉන්න කෙල්ලෙක් වගේ නේද??? බලමුකෝ මේ දෙන්නා මොනවා කරගනීද කියලා 🙈

මේකත් කියන්නම ඕනේ, මම Dream Lovers ලියන්න පටන් ගත්තේ හිතේ ඇති වෙච්ච polt එක අකුරු කරන්න තිබ්බ ආසාවකට විතරයි. ඒක ලියන්න පටන් ගද්දීම මම හිතුවා මේක තමයි ලියන පලවෙනි එක වගේම අන්තිම එක කියලා. ඒත් Dream Lovers කියවපු මගේ හොදම යාලුවෝ දෙන්නෙක් එයාලාගේ බයස්ලාව දලා ff දෙකක් ලියන්න කියලා මට කිව්වා. ඉතිං ඒ ඉල්ලීම් වලට දෙන එක කතාවක් විතරයි මේ. ඉතිං මම එයාලට පොරොන්දු වුණු විදිහට මේ කතා දෙකත් කොහොම හරි කරනවා කියලා හිතා ගත්තා. ඔයාලාත් කියවලා අඩුපාඩු මගේ හැදෙන්න ඕන තැන් එහෙම තියෙනවානම් කියන්න අමතක කරන්න එපා. ඔයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා. කියෙව්වා වැඩි නේද 🤭 සොරි ඉතිං 🙈

ඊලග සිකුරාදා ඉදලා මේ කතාව හැම සිකුරාදා ම කියවන්න දෙන්නයි මම හිතන් ඉන්නේ.... පරක්කු වුනොත් තරහා වෙන්න එපා ඉතිං 🙏🏻

එහෙනම් You got the best of me කියවන්න එන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා 💜

Thank you ඔයාලා හැමෝටම සරංහේ 💜

You got the best of me ✨ [ Completed ] KTH FFWhere stories live. Discover now