Introduction 🌟💢

3.3K 199 67
                                    

මේ විශ්වයේ කොයි තරම් නං අපි නොදන්න දේවල් ඇත්ද.අපි නොදකින ලෝක, අපි වගේම තව මිනිස්සු..

ඒත් අපිට එයාලා පිටසකවල ජීවියෝ...එයාලට අපිවත් පිටසක්වල ජීවියෝ...

තවත් ඒ වගේ ලෝක තිබුනත් ඒ අපේ විශ්වයෙන් එපිට මේ වගේම ලෝකයක්...
අපි ඒකට කියන්නේ සමාන්තර විශ්ව කියලා( Parallel Universe/ multi universe ).

ඒ වගේම අපි ඉන්න මේ ලෝකේ අපේ ලගින්ම අපිට නොපෙනෙන ලෝකයක් තියෙන්න පුලුවන්.ඒක අපි හදුන්වන්නේ සමාන්තර ලෝකයක් කියලා ( Parallel world ).

සමාන්තර ලෝක ගොඩක් කතාබහට ලක් වෙච්ච මාතෘකාවක්.ඒක නිසාම මේ අදහස මම මේ කතාවට පාදක කරගන්න හිතුවා...

ඒත් එක පාරට කතාවට enter උනාම උඩ බිම බලන නිසයි ටිකක් විතර පොඩි අදහසක් දෙන්න මේක කියන්න හිතුවේ...

මේ කතාව වෙනුවෙන්ම මේ ගැන youtube,facebook වලින් හොයාගත්ත කරුණු එකතු කරලයි ලියන්නේ...

කෙටියෙන්ම කිව්වොත් මේකේ වෙන්නේ අපිට සමානම ලෝකයක් හරියට කොපියක් වගේ.ඒත් සමහරවිට ඒ ඒ ලෝක වල කාල,ඍතු වෙනස් වෙන්න පුලුවන්.

ඒ සමාන්තර ලෝකෙත් ඔයා ඉන්න පුලුවන්.ඔයාගෙම නම තියෙන..ඔයා   වගේම කෙනෙක්.ඒත් අදහස්,ගතිගුණ අතින් ඔයාලා වෙනස්.කතාවට කියනවනේ එක වගේ 7 දෙනෙක් ඉන්නවා කියලා..ඔව්..ඒ කියන්නෙ මේ සමාන්තර ලෝක වල ඉන්න ඔයා ගැන...

හිතන්න මේ ලෝකයට සමාන්තර ලෝකයක සිටින ඔයා මේ ලෝකෙදි චොකලට් කන්න කැමති නෑ කියල හිතන්න.ඒත් තව සමාන්තර ලෝකයක් තියෙන්න පුලුවන් එතන ඔයා චොකලට් වලට පිස්සු වැටුන කෙනෙක්. මේ ලෝකේ දුප්පත් කෙනා ඒ ලොකේ පොහොසත් වෙන්න පුලුවන්...

විද්‍යාවට අනුව සමාන්තර ලෝක සාමාන්තර විශ්ව පවතින ආකාර පිලිබද මත 3ක් තියෙනවා.

1. Bubble Universe : කිසියම් ප්‍රදේශයක බුබුලු ආකාරයට කුඩා කලු කුහර වගේ අප සිටින විශ්වය වගේම තවත් විශ්වයක් තියෙන බවයි.ඇත්තටම මේ මතය එන්නේ අපේ විශ්වයේ පවතින තරු ග්‍රහලෝක විශාල ප්‍රමානය ඇතිවීම විස්තර කරන්න..මේ හැම දේම වෙන්නේ bigbang එකෙන් පස්සේ..

මේ තරු ග්‍රහලෝක වල අපිට වඩා වෙනස් physical laws  පවතින්න පුලුවන්.අපි ඉන්න විශ්වස බුබුලක් කියලා හිතුවොත් අපි ඉනේ මේ විශ්වයේ තියෙන ලොකු බුබුල ජ්සලයක තියෙන එක බුබුලක විතරයි.අපි මේ බුබුලු සම්බන්ධ උනේ කොහොමද කියලා හොයාගත්තොත් අපිට පුලුවන් කාල අවකාශය හරහා ඒ ඒ ලෝක වලට යන්න..ඒත් අපි දන්නේ නෑ මේ බුබුලු මොනාද කියලවත් තාම...

💥💢Đ₳Ɽ₭ ₳VɆ₦ɄɆ👣👄ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now