Cp. 16 Hidden Weapon 🗡️

347 105 60
                                    

Suga's POV

මායොන්...එයා මෙහෙට ඕනම උන කෙනෙක්....
එහෙනන්...එයා එනකන් තමයි මේ හැමදේම මෙහෙම ඇදි ඇදි තිබුනේ...

අපේ තව ප්‍රශ්නයක් විසදෙනවා මායොන් නිසා...
ඒත්..එයාගේ මතකේ...
ඒක තමයි වැදගත්ම දේ...
ඒවගේම මේක දැනගතොත් මායොන්ගේ ජීවිතේට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්...

නෑ...කවුරුත්ම දැනගන්න ඕන නෑ...
මම විතරක් දැනගත්තම ඇති..

ප්‍රශ්න වලින් මගේ ඔලුව පිරිලා තිබ්බේ...
දැන් මට තව වගකීමක් තියෙනවා...
එක්ස් ආයේ අපේ කරගන්න එක වගේම මායොන් පරිස්සම් කරගන්න එක..
ඒ වැඩ දෙකයි මට වැදගත්ම වෙන්න ඕන...

මට නිදාගෙන හිටිය මායොන්ගේ මූණ නොපෙනුනත් මම එයා දිහා බලන් ඉන්නකොට මට මැවුනේ හැරිලා එයා මං දිහා බලන් ඉන්න විදිහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට නිදාගෙන හිටිය මායොන්ගේ මූණ නොපෙනුනත් මම එයා දිහා බලන් ඉන්නකොට මට මැවුනේ හැරිලා එයා මං දිහා බලන් ඉන්න විදිහ...

"මායොන්...මම ඔයාව පරිස්සම් කරනවා..."

හෙමින් මිමිණුව මම එලියට ගියේ මගේ අලුත් රාජකාරිය පටන් ගන්න...

Mayon's POV

යන්නේ නැද්ද අනේ....

මෙතනට වෙලා මොකද්ද කරන්නේ...

මගෙ  කොණ්ඩෙත් ඇල්ලුවා..
ඒ පාර එයාට මං ගැන හිතක්වත් පහල වෙලාද...
නෑ නෑඕන නෑ...මට බනින මාව්  ගනන් ගන්නේ නැති කෙනෙක් ගැන මොකටද  හිතන්නේ..එයා ඕන එකක් හිතපුදෙන්..මට මොකෝ...

මට ඇහුනා එයා මොනාහරි මුමුණනවා..
මම හොදට අහන් හිටියා...

"මායොන්...මම ඔයාව පරිස්සම් කරනවා..."

හෑ...මේ මනුස්සයට මක් වෙලාද...
මොන යකෙක්ද වැහුනේ එක පාර..මාව පරිස්සම් කරන්න මම බබෙක්ද...

එතකොටම මට දැනුනා එයා නැගිටිනවා..
දොර වැහෙනවා ඇහුන ගමන් තමයි හම්මේ මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ...

💥💢Đ₳Ɽ₭ ₳VɆ₦ɄɆ👣👄ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now