Cp 5.The End 🤐

442 120 31
                                    

"අක්කේ...අක්කේ...."

මම ඇහැරුනේ මට කතා කරන සද්දෙට...

මම හෙමීට ඇස් ඇරියා...මම හිටියේ හොස්පිට්ල් එකේ...

"නායොන්"

එක පාරට මට මතක් උනේ නංගිව..මම නැගිට්ටා කෑගහගෙන...

"අක්කේ...අනේ අක්කේ...කලබල වෙන්න එපා.."

"ශින්...ඔයා කොයි වෙලේද ආවේ..."

"අපිට ආරංචි උනා මෙහෙ උන දේවල් ගැන...අපි කවුරුත් විස්තරයක් මුකුත් දන්නේ නෑනේ...අපරාදේ අක්කට කිව්වේ කියලා හිතුනා..."

"කෝ දැන් නායොන්..ඇයි මම මෙ හොස්පිට්ල් එකේ..මොකද්ද උනේ...

ආහ්...මගේ ඔලුව..."

"අනේ අක්කේ..හිතන්න එපා..අනේ ප්ලීස්..අක්කේ...මට බය හිතුන නිසා මම ආවා ඉක්මනට අක්කව බලන්න..එතකොටත් අක්කා කලන්තේ දාලා..."

"අහ්හ් මගේ ඔලුව පුපුරන්න වගේ...ඉන්න බෑ..."

"අනේ අක්කේ ඇයි මේ....නර්ස්...නර්ස් ..අනේ ඩොක්ටර් ඉක්මනට එන්න..අනේ...

අක්කේ..."

මම දන්නෙ නෑ මොකද්ද උනේ කියලා මගේ ඔලුව පුපුරන්න වගේ....
කටු අනිනවා වගේ...ඔව්...හරියට නංගිට ඔලුව රිදෙනවා කිව්වා වගේ...

ආහ්හ්...මම හිතුවේ මේ දැන් මම මැරෙයි කියලා..."

ඩොක්ටර් දුවගෙන ඇවිල්ලා මාව ඇදෙන් ආයේ හාන්සි කරවලා මාව චෙක් කලා...

"බය වෙන්න එපා...ශොක් එකට ඔලුව් රිදෙන්නේ..අනික..මෙච්චර දේවල් වෙලත් එක පාරක්වත් ඇඩුවේ නෑනේද...හිතේ තියන් ඉන්න එපා...අඩලා කියෝලා ඉවරයක් කරන්න...

ඔයා මෙයාගේ කවුරුහරිද..."

ඩොක්ටර් ශින්ගෙන් ඇහුවා...

"මම මායොන් අක්කගෙ නංගිගේ යාලුවෙක් ඩොක්ටර්..."

"දැනට පුලුවන්නම් අක්කව බලාගන්න..නංගි කොහෙද දැන්..."

ශින් ඔලුව පාත් කරගත්තේ ආයෙම මං ඉස්සරහා විස්තරේ කියන්න වෙන නිසා..

"ඩොක්ටර් පොඩ්ඩක්..අර පැත්ත්ට..."

ශින් ඩොක්ටර් එක්ක පොඩ්ඩක් එහාට ගිහින් මොන මොනාදෝ කියන්න ගත්තා...
නංගි ගැන තමයි...

💥💢Đ₳Ɽ₭ ₳VɆ₦ɄɆ👣👄ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now