Cp 14. Love Or...♾

372 97 100
                                    

Awega X ⚔️

Nuri's POV

දවස් දෙකක් ගියා....කෝ ජේකේ...

මගේ ඔලුව හොදටම අවුල් වෙලා...
එක්ස් වල කිසිම කෙනෙක්ට ජේකේ ගැන දැනගන්න නොලැබුනත් ගේට් එකෙන් එලියේ උන සිද්දිය දැනටමත් දැනගෙන මිනිස්සු කලබල වෙලා...

ඉක්මනටම මෙහෙ ජේකේ නෑ කියලා හොයාගත්තොත් තව මගුලක්...

සුගා...😡
මම මැරුවේ නැති එක අපරාදේ...
එයා මගේ ජේකේට මොනාහරි කරලා තිබ්බොත් මම බලාගන්නම්...

මම මගේ boxing tapes ටික අරගෙන අතේ ගැටගහන ගමන් හිටියේ...
එතකොටම ආවේ මින්..

"නූරි..."

"ම්ම්ම්..කියන්න..."

"කෑමක් බීමක් නැතුව දවස් 2ක් තිස්සේ ඕකට ගගහා හිටියම හරිද..."

"ම්ම්ම්..වෙන මොනාද මම කරන්නේ...
අරුන් මගේ ජේකේට මොනා කරලද..."

තිබ්බ හැම කේන්තියක්ම මම පිට කලේ punches වලින්...
මේ 3වෙනි punching bag එක...
අනිත්වා ඔක්කොම ඉරිලා කෑලි කෑලි උනේ මගේ කේන්තියේ ප්‍රතිපලයක් විදිහට..

"අක්කේ...අපි හොයමු තව...ටේ දැනටමත් හොයනවනේ...බය වෙන්න එපා."

"ජියෝන්ට කරදරයක් කරන්න තරන් උන් මෝඩ වෙන එකක් නෑ..."

"මෝඩ වෙන එකක් නෑ කිව්වෙ..."

"මෙච්චර ඉක්මනට ජියෝන්ව ලේසියෙන්ම අල්ලගත්ත වෙලේ ඔයා හිතනවද එයාව මරයි කියලා..."

"ඔයා කියන්නේ..එතකොට..."

"එක්කො experiment එකක්..."

"මම හිතන දේ ගැන තමයි ඔයා ඔය කියන්නේ..."

කතා කර කර ඉන්න අස්සේ එක පාරට මැද්දට පැන්නේ ටේ..
දොරත් කඩාගෙන ඇතුලට ආවේ හති දදා..

"නූරි...මින්...හම්බුනා.."

"ටේ..මොකද මේ..මොකද්ද උනේ...ආරංචියක්ද..."

"ඔව්ව්..ඔව්ව්..හම්බුන..."

"ඔහොම ඉදගන්න...සන්සුන් වෙලා කියන්න..මොකද්ද උනේ.."

"ජියෝන්.."

"ජියෝන්..කොහෙද එයා ඉන්නවද...මොකද්ද උනේ කියන්න..."

"දකුණු පැත්තේ විල ගාව..."

ටේගේ ඒ වචන ටික ඇහුන ගමන් මම දිව්වා ආයේ දෙපාරක් නොහිතා..

💥💢Đ₳Ɽ₭ ₳VɆ₦ɄɆ👣👄ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now