"කලබල නොවී දැන්වත් උන දේ අහන්න අයියේ..."
මින් කරපු එකම දේ දුවගෙන ඇවිත් කේන්ව බදාගත්ත එක...
"කේන්...ඔයා...ඔයා ඉන්නවා..."
"අයියේ...මම අයියට නොකියා යයි කියලද හිතුවේ..."
"ඔයා...ඔයා ඇත්තටම හොදින්..."
කේන්ගේ මූන පුරා උරහිස් දිගේ අත් යව යව මින් ආදරෙන් තමන්ගේ මල්ලිව අල්ලගෙන හිටියේ ආයේ නං ඇස් මානෙන් යන්න නොදී බලාගන්නවා කියන ඉඟිය පිට...
"ඔයා හදිස්සි උන නිසා තව ටිකෙන් මැරෙන්නේ මේ කිසිම දේකට සම්බන්ධ නැති අය..."
"මොකද්ද සම්බන්ධ නැත්තේ ඔයා ලගම ඉන්නේ ඔයාව මරන්න හදපු අය..."
මින් කේන්තියෙන් ජින් වගේම සුගා දිහත් බලාගෙන ඉන්න අතරේ නූරි හැදුවේ ජින්ගෙන් එහාට පැනගන්න...
ඒත් එක්කම ජින් බෙල්ලට තිබ්බ පිහිය නිසා නූරි හෙලවෙන්න බය උනා..
"ජින් අතාරිනවා මාව....ජියෝන් දැනගත්..."
"අනේ මේ...ඔයාගේ මහ ලොකු ජියෝන්...ඌ කොටු වෙලා ඉවරයි...උඹලා ඔක්කොම කොටු වෙලා ඉවරයි..."
"ජින් හොද හිතින් මට යන්න දෙනවා....
ජියෝන්ට මොකද්ද කලේ කියනවා...
අහකට වෙනවා මට යන්න දෙනවා...""ඔක්කොටම කලින් කියනවා ඔහෙලා මගේ අයියට කරපු දේ..."
කේන් කේන්තියෙන් නූරි ලගට ඇවිත් නූරිගේ බෙල්ලෙන්ම අල්ල ගත්තා...
"මල්ලි මොකද්ද ඔය කරන්නේ...ඇයි මේ..."
"අයියට තාමත් මුන් හොදයිනේ...
කාලකන්නි...ඕකුන් ඔක්කොම එකයි...
හොද හිත තියෙනවා වගේ ආශ්‍රය කරලා අන්තිමට පිටිපස්සෙන් ඇවිල්ලා අනිනකන් දන්නේ නෑ...""මල්ලි..."
"ජියෝන් තමයි මාව ගගට තල්ලු කලේ..."
කේන් එක පාරට කෑගැහුවා..
හැමෝම silent.."මොකක්..."
"ඔව් මින්...උබ අපිව අතඇරලා ආවේ හොද තැනකට නෙවේ කියලා අපි කිව්වට පිළිගන්නේ නෑනේ නේ..."
සුගා එහෙම කිව්වේ මින්ගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන...
මින්ට දැනුනා සුගාලා කියන්නේ ඇත්ත කියලා...ඒත් එක්කම මින් හිටිය විදිහෙන් තේරුනා එයා හැම දේම අහන් ඉන්න ලෑස්ති කියලා...