Cp 11. caught 👣

373 110 63
                                    

Jin's POV

"ඇයි අයියේ දැන්වත් කියන්න මොකද්ද උනේ කියලා.."

මම සුගාගෙන් ඇහුවේ හොබී,මොන් එක්ක මායොන් යැව්වට පස්සේ..

"කවුද ඒ කෙල්ල...මොකටද මගේ දේවල් වලට ඇගිලි ගහන්නේ...
මට සිගරට් බොන්න එපා කියන්න,බොන්නේ නැතුව ඉන්න කියන්න එයා කවුද..."

"අයියේ කේන්ති ගන්න එපා...එයා තාම මෙහෙ ගැන හරියට දන්නේ නෑනේ..."

"දන්නේ නැත්තන් කොහෙට හරි යවන්න මෙහෙ තියාගන්නේ නැතුව..."

"අයියේ කේන්ති ගන්න එපා...දැන් ඒක අමතක කරන්න...මම එයාට පැහැලිදි කරන්නම්..."

"ඕන එකක්..."

සුගා එහෙම කියාගෙන අතේ තිබ්බ සිගරට් එක බිමට දාලා පාගලා ගියා..

"අයියට හොදටම කේන්ති ගිහින්..මේ කෙල්ල නං...අද අල්ල ගන්නම් මම..."

අයියා ඇතුලට ගිය නිසා යනවා කිය කිය ඉන්න බෑ දැන්...
කේන්තිත් ගිහින් ඉන්න එකේ මට ගුටි කන්නයි වෙන්නේ ආයේ කතා කරන්න ගියොත්..

මම දුවගෙන ගියේ මායොන්ගේ කාමරේට...

"මායොන්.....මායොන්..."

"ආහ්...ආහ් ජින්..."

මම දොර ඇරන් එක පාරට ඇතුලට යද්දිම මායොන් මගේ කකුලේ පැටලුනා..
එයාව වැටෙන්න නොදී ඔලුවෙන් අල්ලගෙනම බිම වැටුනා..එයා හිටියේ මගේ ඇග උඩ

"ජින්..."

"ආහ්..මේ..මම.."

එක පාරට එයාගේ ඇස් එක්ක මගේ ඇස් මුණගැහුනා...අහක බලන්න බැරි තරන් මොකද්දෝ අමුතු හැගීමක්...ඇග හිරිවැටෙන හැගීමක් ඒක...

විනාඩි 5ක් විතර මූණට මූණ බලන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විනාඩි 5ක් විතර මූණට මූණ බලන් හිටියා..

ඇයි හරිම හුරුපුරුදු හැගීමක් මට දැනෙන්නේ...
කවදහරි දැකලා තියෙනවා වගේ...අමුතු හැගීමක්...
ඒ ඇස්...මැජික් එකක් වගේ...
ඒ තොල් රෝස පාටයි...
ඒ පැහැලිදි මූණ...කොතනක හරි මම දැකපු කෙනෙක්ගේ...
ඒත් තාම මට හිතාගන්න බෑ...
මගේ පපුවට දැනෙන ඒ හැගීම මට කියාගන්න තේරෙන්නෙත් නෑ...රෑ දවල් නැතුව මම මතක් කරන ඒ මගේ හිතේ තියෙන අපැහැදිලි රූපේ...
ඒ මායොන් තමයි....

💥💢Đ₳Ɽ₭ ₳VɆ₦ɄɆ👣👄ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now