Cp 29. bracelet 📿

323 94 60
                                    

Mayon's POV

මම ඇස් අරිනකොට එක පාරට කන් දෙකත් කීන් ගෑවා...
ඇස් දෙක බොද වෙආ වෙලා වගේ තාම..
මම කොහොමහරි ඇස් දෙක ඇරලා වට පිට බලද්දි දැක්කේ මම හිටිගේ නිල්ම නිල් පාර කාමරේක...
හැම තැනම තිබ්බේ මහ අමුතු විදිහේ machines..
මම කවදාවත් දැකලා නෑ ඒ වගේ මහා පරිමාණ යකඩ ගොඩවල්...

ඒ කාමරේ මැද මගේ අත් දෙක උඩ bar එකකට ගැටගලා තිබ්බේ.... කකුලේ මහපටැගිල්ල විතරක් බිම ගෑවෙන නොගෑවෙන තරම්...
කට බැඳල නිසා මට කෑගහගන්නවත් බෑ..

මම පුලුවන් තරම් දැගලුවා...අත් දෙක බැදලා තිබ්බ bar එක හෙලවෙනකොට ඒ සද්දේ දෝංකාර දුන්නා...

"ඔච්චර දඟලන්න එපා..."

Mask එකක් දාගත්ත කෙනෙක් මගේ පිටිපස්සේ ඉදන් ඉස්සරහට ආවා...
හෙමීට එයා මාස්ක් එක ගැලෙව්වමයි මම දැක්කේ ඒ සුගාව මරන්න ආපු කෙනා කියලා...

"මාව සමහරවිට දැකලත් ඇති...නේද...
එදා ඔයා බේරගන්න කියලා පැන්නේ සුගාව...ඒ මගෙන්..."

මට ඕන වෙලා තිබ්බේ කෑගහගෙන උගේ බෙල්ලට පැනාලා බෙල්ල මිරිකන්න...
හිතින් කොච්චර කෑගැහුවත් ඇහෙන්න් නෑ කියලා දන්නවා ඒත් මම කතා කරන්න try කලා...

මගේ කකුල් දෙකෙන් එක පාරට අල්ලගත්ත මින් දඟලන එක නවත්තලා මගේ කටේ තිබ්බ ටේප් එක ඇදලා දැම්මා...

"තමුසෙට ඕන එක දැන් උනානේ නේ...
දැන්වත් සුගාව අතඇරපන්...මොකටද ඔච්චර ඒ මනුස්සයව මරන්න හදන්නෙ...
ඇත්ත දන්නේ නැතුව බොරුවට දගලන්න එපා මින්.."

"ඇත්ත...හහ්හ්හ්හ්..."

මින් හිනා වෙන්න ගත්තේ පිස්සෙක් වගේ...
ඒත් ඇත්තටම එයාගේ ඔලුව ජියෝන් හදලා තිබ්බ විදිහ නිසා එයා දන්නේ නෑ ඇත්ත...දැන් ඇත්ත කිව්වත් එයා පිළිගන්න එකක් නෑ...

"මට ඇත්ත කියලා දෙන්න තමුසේ කවුද....
ඔව්....කවුද...ඒක දැනගන්න තමයි මට ඕනේ..."

මින් එතන තිබ්බ මේසයක් ලගට ගිහින් ඒක උඩ තිබ්බ box එකක් ඇරලා අතර ගත්තේ injection එකක්...

එයා ඒක අරන් මගේ ඉස්සරහට එනවා..
මූ මට මේක විදින්නද යන්නේ...
බයටම මම ආයේ දඟලන්න ගත්තා..

💥💢Đ₳Ɽ₭ ₳VɆ₦ɄɆ👣👄ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now