9 කොටස

370 101 2
                                    


Staff එකෙන් සේ ජොන්ග් ට යමු කියලා පණිවිඩේ එන කොටත් කෙල්ල ලෑස්ති වෙලා හිටියේ....

ඉක්මනින් පහලට ආව සේ ජොන්ග් වාහනේ ලගට දුවලා නගින්න හැදුවත් ආයිත් අඩියක් පස්සට ගත්තේ නගින තැනම එයා දැකපු මූණ නිසා ...

ඒ වෙන කවුරුත් නෙවේ ජන්කුක් .... එයා කෙල්ලව දැක්කත් නොදැක්කා වගේ ඉස්සරහ බලාගනම හිටියා....

සේ ජොන්ග්නුත් හොද හුස්මක් අරගන ජේ.කේ ගේ එහා පැත්තෙන් වාඩි උනා .....

සේ ජොන්ග් ශී .... Fighting !!
පිටිපස්සේ sheet එකේ හිටපු හොබී සේ ජොන්ග් ට කිව්වා ...

ආ.. දේ... Fighting ..!!
කෙල්ලත් ඒකට ප්‍රතිචාරයක් දුන්නා...

වැඩි වෙලා යන්න කලින් කට්ටියම Ceremony එකට ආවා.... හ්යුක් වාහනේ red carpet එක ලගින් නැවත්තුවේ media කාරයින්ගේ එලි තව තවත් වැඩි වෙද්දී ....

ඒත් එක්කම ජින් නම්ජුන් එක්ක වාහනේන් එලියට බැස්සා....
හ්යොන්ග් ලා හය දෙනාට පස්සේ ඉක්මනට සේ ජොන්ග් එලියට බැස්සේ වෙවුලන අත් දෙක මිට මොලවගන....

ඊට පස්සේ ජේ.කේත් බැහැලා කට්ටිය ට එකතු උනා.... අකුණු ගහන්නා වගේ මහා එලි ගොඩක් මැද කොල්ලො හත් දෙනාට ගොඩක් වෙලා ඉන්න උනා...

එතෙන්ට ආව තවත් වාහනයක් පැත්තට කට්ටියගෙම අවධානය ගිය නිසා BTS ලා ඉක්මනට red carpet stage එක පැත්තට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතෙන්ට ආව තවත් වාහනයක් පැත්තට කට්ටියගෙම අවධානය ගිය නිසා BTS ලා ඉක්මනට red carpet stage එක පැත්තට ගියා...

තව mic අරගත්ත දෙන්නෙක් එක්ක කොල්ලෝ ටික stage එකට නගිද්දි සේ ජොන්ග් එතනම පහලට වෙලා වටපිටාව ගැන හොදට ඇහැගහගන හිටියා....

ටික වෙලාවක් කතා කරපු කොල්ලො ටික ඉක්මනින් පහලට බැස්සා...

යමු... ජේ.කේ සේ ජොන්ග්ටත් කතාකරගනම ඉස්සරහට ගියා....

My Bodyguard Trainee ♡ (Completed)Where stories live. Discover now