11 කොටස

368 98 9
                                    


සේ ජොන්ග්ගේ නින්ද සැරින් සැරේ කැඩුනේ එයාගේ අතෙන් ආව රිදීම නිසා....
ඒ නිසා එයා අන්තිමට නැගිටලා ඇදේ ඉද ගත්තා....

ඒ වෙනකොටත් උදේ දහයත් පහුවෙලා...

අම්මෝ ... මේක රිදෙනවා නේ.... ආහ්හ්....😳😳
දැන්නම් පැත්තම නෑ වගේ....
මේකට මොකද කරන්නේ.... රිදෙන එක එන්න එන්නම වැඩි වෙනවා....

හහ්.. ඒත් ඒක තරම් නෑ.. අම්මෝ ඒක නම් ගොඩක් රිදුනා....
සේ ජොන්ග් මතක් කලේ එයාගේ school කාලේ වෙච්ච සිද්ධියක් ගැන...

පංතියේ කොල්ලෝ දෙන්නෙක් රණ්ඩු වෙනකොට පංතියේ පංති නායකයා විදියට සේ ජොන්ග්ට තිබුනේ එක ක්‍රමයයි.. ඒ මේක මැද්දට පැනලා මේක නවත්තන එක.....

එහෙම හිතලා කෙල්ල රණ්ඩුව මැද්දට පැන්නත් එයා එදා එහෙම නොකර ඉන්නයි තිබ්බේ.... මොකද ඒකෙන් එයාට එයාගේ ඉගෙනගන්න කාලේ අවුරුදු දෙකකින් පස්සට ගියා...

රණ්ඩුව මැදදි එක කොල්ලෙක් ව බේරගන්න ගිහිල්ලා සේ ජොන්ග් ගේ උරහිසට පුටුවකින් වැදුන නිසා කෙල්ල අවුරුදු දෙකක් ඒකට බෙහෙත් කලා....

ඒක තමා එයාට දරාගන්නම බැරි උන වේදනාවක් ආව වෙලාව...
ඒත් ඒ වේදනාව අමතක කරන්න එයාලග තිබ්බේ එක විසදුමක් විතරයි ....
හැබැයි ඒකට පුලුවන් උනා ඒ වේදනාව සීයට සීයක්ම එයාට අමතක කරවන්න... හැබැයි එයා ඒ දේ යෙදිලා ඉන්න වෙලාව ඇතුලත විතරයි ....

අන්න මතක් උනා.....😃 Dancing .....
සේ ජොන්ග් තනියම කෑගැහුවා.....

ම්ම්... කෝ බලමු...
ඇදුම් මාරු කරලා phone එක අතට අරගන කෙල්ල BTS කියලා තිබ්බ folder එකක් click කලා...
Ear phones දෙකත් කනේගහගන එයා හෙමින් එලියට බැස්සේ සිංදුවත් යන්තමින් මුමුණ මුමුණ ....

එදා කෙල්ල කට්ටියම ඉස්සරහ kpop දන්නේ නෑ කියල අසරණ වෙච්චි දවසේ කාමරේට ආව ගමන් එයා ජේ.කේ එක්ක තරහටම BTS songs ලොකු Folder එකක්ම ගත්තා....
හැබැයි ඒවා අහගන ඉන්නකොට කෙල්ලටත් ඉබේම ඒවාට හිත ගියා....

සිංදුව අහගනම එයා lift එක පැත්තට හැරුනත් ඒකෙන් එයාගේ ගමන ඉක්මන් වෙන නිසා කෙල්ල සිංදුවත් අහගනම පඩිපෙළ නගින්න ගත්තා..

වැඩකුත් නැති එකේ හෙමින් හෙමින් යමු....
තනියම තමන්ටම කියාගන්න ගමන් එයා පඩිපෙළ නැග්ගා....
ඒ එක්කම කෙල්ලට ear phone එකෙන් ඇහුනේ හුරු පුරුදු කටහඬක්.....

My Bodyguard Trainee ♡ (Completed)Where stories live. Discover now