22 කොටස

762 111 66
                                    


ආහ්.... ජන්කුක් ශී ...😁
සේ ජොන්ග් හිතුවේ නෑ මෙච්චර ඉක්මනට එයාට ජේ.කේව හම්බ වෙයි කියලා..

හ්යොන්ග් මොකක්ද මෙතන වෙන්නේ ආ...😐
ජේ.කේ කෙල්ලගේ පැත්තට ඇඟිල්ලත් දික් කරගත්ත ගමන්ම ටේහ්යොග් දිහායි ජිමින් දිහායි මාරුවෙන් මාරුවට බැලුවා....

ආ... ඒක මේ....
ඒදෙන්නත් ඒ වෙනකොට මූණට මූණ බලාගන කල්පනා කලේ දැන් මේක කොහොමද කොල්ලට කියන්නේ කියලා...

අහ්... සොල්මා හ්යොන්ග් එතකොට ඔයාලා දෙන්නා මේක දැනගන හිටියද ආ... ඒක නිසාද මාව මේ ඇදගන ආවේ...😑

ජන්කුකා මේ...මේකයි...
ටේහ්යොග් හීන් දාඩිය දාගනම කොල්ලට මේක පැහැදිලි කරන්න පටන් ගත්තා...

ඒත් ඒ එක්කම ජේ.කේ හ්යොන්ග් ලා දෙන්නට රවලා කෙල්ලගෙන් මූණ හංගගන තරහින් ආපහු හැරිලා යන්න ගියා...

අ... අනේ.. ජන්කුක් ශී ...😦
කෙල්ල කතා කලත් කොල්ලා ඒක නෑහුනා වගේ වේගෙන් එතනින් ගියා..

මම බලාගන්නම් සේ ජොන්ග්ආ .... හ්හඅ ....😐
ටේහ්යොග් කෙල්ලට එහෙම කියලා ජේ.කේගේ පස්සෙන් ගියා...

*********

ජේ.කේ වේගෙන් ඇවිල්ලා දොරත් ඇරගන ගියේ හ්යොන්ග් ලා ගේ room එකට..
ඒ වෙනකොට නම්ජුනුයි , ජිනුයි, හිනා වෙවී එයාලගේ Run episode එකක් බල බලා හිටියේ...
ජින් නම් හිනාවෙන්න ගිහින් Snacks ටිකත් හිර කරගත්තා...
යුන්ගි නම් හිටියේ ලොකු Snacks කවරයක් එක්ක සෝෆා එකේ බාගෙට නිදාගන...

ඒ එක්කම ජේ.කේ වේගෙන් ඇවිල්ලා room එකේ තිබ්බ වීදුරු දොර ඇරගන බැල්කනි එකට ගියා...

ඒ... නම්ජුනා ජේ.කේ මොකක්හරි අවුලකද මන්දා....
මොනා උනත් ජින් නම් හිටියේ ජේ.කේගේ අවධානෙන්....

එකපාරටම ටේහ්යොග් ජිමින් එක්ක room එකට කඩා පැන්නා...
හ්යොන්ග් ඔයාලා ජේ.කේව දැක්කද.... room එකෙත් නෑ නේ... මූ කොහෙට ගියාද මන්දා....😓

අර ඉන්නේ...
ජින් එයාගේ ඔලුවෙන් බැල්කනි එක පෙන්නුවා....

අනේ... ඇත්තමයි....
ටේහ්යොග්නුත් ඒ පැත්තට විදගන යන්නයි හැදුවේ...

ඒ එක්කම ජිමින් එයාගේ අත අල්ල ගත්තා ....
ටේහ්යොග්ආ ... එයාට කෑගහන්න එපා... හොදේ.. 🙁මොනා උනත් ඌ දැන් ඉන්නේ අවුල්වෙලා....
අපි ඒක කියපු එක වැරදිද මන්දා....

My Bodyguard Trainee ♡ (Completed)Tahanan ng mga kuwento. Tumuklas ngayon