12 කොටස

358 95 8
                                    


අම්මෝ.. අද නම් මුකුත් ප්‍රශ්නයක් වෙන්න එපා...
සේ ජොන්ග් හිතින් ප්‍රාර්ථනා කර කර lift එකෙන් එළියට බැස්සා....

සේ ජොන්ග් ශී මේ පැත්තෙන් .....
හ්යුක් වාහනේට නගින ගමන් කිව්වා....

ඒ වෙනකොටත් කට්ටිය ඔක්කොමලා ඇවිල්ලයි හිටියේ...
කෙල්ල වාහනේට නගිනවත් එක්කම ජේ.කේ ඇස් කොනෙන් එයා දිහා බලලා අහක බලාගත්තා ....😒

කට්ටියම මුලින්ම ගියේ බූසාන් කිට්ටුව තිබ්බ location එකට...
ඒක ලොකු Stadium එකක්...

අම්මො... මේකේ ලොකු .... සේ ජොන්ග් කට ඇරගනම වාහනේන් බැස්සා....

ඔය කට වහගත්තා නම් හොදයි නේද...😃
ජේ.කේ කෙල්ලගේ කනට කරලා රහසින් කිව්වා ....

කන ලගින්ම ඇහුන ඒ කටහඩ නිසා සේ ජොන්ග් ගැස්සිලා අහකට පැන්නා...

කෙල්ල හොදටම බය උනා කියලා තේරුන නිසාම ජේ.කේ පල් එකට හිනාවක් දාලා එතනින් ගියා..😉

අනේ මන්දා මේ මනුස්සයා නම්..😳

කොල්ලා හත් දෙනා පැය දෙකක් විතරම එක එක පැත්තට හැරි හැරී Choreography එක කීප පාරක් ම කලා....

සේ ජොන්ග් වාහනේ ලගට වෙලා වාඩි වෙලා ඒ දිහා හොදට බලාගන හිටියා...
...............

කට්ටිය ඊට පස්සේ ආවෙ සෝල් කිට්ටුවම තිබ්බ Studio එකකට....

ඒක ඇතුලේ කැමරා ගොඩකුයි lights ගොඩකුයි තිබ්බා...

කොල්ලො හත් දෙනා එතනත් ඇදුම් කීපයක්ම මාරුකරලා කීප පාරක් ම Choreography එක කලා...
මේ ඔක්කොම සේ ජොන්ග් බලාගන හිටියේ පුටුවකුත් අරගන හොදට හරිබරි ගැහිලා වාඩි වෙලා....

Manager nim ගේ අවසාන තීරණය බලලා කට්ටියම හති දාගන ඇවිල්ලා වාඩි උනා....
කෙල්ලත් දුවලා ගිහිල්ලා කට්ටියටම වතුර බෝතල් දුන්නා....

**********************

එදා දවසේ වැඩටික ඉවර වෙනකොටත් රෑ හතට කිට්ටුයි ... කට්ටියම ආපහු ent එකට යන්න studio එකෙන් වාහනේ පැත්තට ඉක්මනට දිව්වේ ඒ වෙනකොටත් එතනට සෙනග පිරීගන එන නිසා.....

ආහ්... මගේ ජැකට් එක... හ්යොන්ග් ඔයාලා යන්න.. මම ඒක අරන් එන්නම්....
ජේ.කේ හදිස්සියෙම ආපහු ඇතුලට දිව්වා .....
කෙල්ලත් දොර ලගම හිටියේ ජේ.කේ ගැන හොදට ඇහැගහගන .....

My Bodyguard Trainee ♡ (Completed)Where stories live. Discover now