13 කොටස

375 95 2
                                    

ජන්කුක් වාහෙනෙන් බැස්ස ගමන් මුකුත් නොකියා තනියම කල්පනාකර කර room එකට ගියා....

ඒ එක්කම ජිමිනුත් ටේහ්යොග්ගේ කරට අතදාගන room එකට ඇවිල්ලා දොර වැහුවා...

මම අද....

ආ ..... බෑ බෑ මම තමා අද.... ඔයා ගිය බදාදත් ගියා ......
ජිමින් ටේහ්යොග් ට කියන්න දෙන්නේ නැතුවම කෑගහලා ටවල් එක අරන් Bathroom එකට රිංගුවා ..

යා.... පාක් ජීමින්....😖
ටේහ්යොග් බැන බැනම ජේ.කේ ලගින් වාඩි උනා....

ජන්කුකා මොකක් හරි ප්‍රශ්නයක් උනාද... මොකෝ අවුල....

ආහ්..නෑ හ්යොන්ග් මුකුත් උනේ නෑ...
ජේ.කේ ටේහ්යොග් ගෙන් මූණ හංගගත්තා....

නෑ නෑ මොනා හරි වෙලා තියෙනවා...
සේ ජොන්ග් මොනාහරි කිව්වද ඔයාට....

ටේහ්යොග්නුත් බය උනා එයා එදා ජේ.කේ ගැන කියපුවා කෙල්ලට වැරදිලා හරි කියවෙලා ද කියලා....

නෑ හ්යොන්ග් මම හොදින්....
කොල්ලා එක අතකින් එයාගේ තොල් දෙක අල්ලගන ඇස්දෙක තදට පියාගන්න ගමන් කිව්වා.....

හ්ම්ම්... එහෙනම් අවුලක් නෑ...
ජේ.කේගේ උරහිසට බර වෙලා ටේහ්යොග් හිටිය තැනින් නැගිට්ටා ...

කොල්ලත් මූණ රතු කරගන ඇදේ වැතිරුනේ හෙමින් හෙමින් උරහිස මසාජ් කරගන්න ගමන්...

...................................................................................

ටේහ්යොග් Practice room එකේ බෆ්ල් එකට ගහලා තිබ්බ pen එක ගලවගන room එකෙන් එලියට ආවා....
ඒ එක්කම එයාට ඇහුනේ එහා පැත්තේ room එකේ music එකක් ඇහෙනවා...

Room එකේ වීදුරුවෙන් එබිලා බලපු ටේහ්යොග් දොරට තට්ටු කරලා ඇතුලට ගියා.....

ආ... ටේහ්යොග් ශී ... අයියෝ මං නිසා ඔයාලට කරදරද... මම sound අඩු කරන්නද....
ඇතුලේ Dance කර කර හිටිය සේ ජොන්ග් ටේහ්යොග් ව දැකලා ඔලුව නැමුවා....

නෑ නෑ... කට්ටියටම Studio එකේ edit එක ගැන බලන ගමන්... මම මේ pen එක අරන් යන්න ආවේ....

ටේහ්යොග් අතේ තිබ්බ pen එක උස්සලා පෙන්නුවා....

ආහ්හ් ..... එහෙමද...🙄

ඔයා දිගටම මේක කරන්න කියලා හිතුවද....

නෑ ටේහ්යොග් ශී මම මෙහෙ ඉන්නේ ටික කාලයයි නේ.... ඉන්න ටිකේ dancing ගැන ටිකක් හිතන්න ඕනි කියලා හිතුවා....

My Bodyguard Trainee ♡ (Completed)Where stories live. Discover now