Chapter : 02 🖤✨️

314 83 18
                                    

My Empress 🖤️✨

පෙර කොටසට :

Chapter :02 👑

වැළලී ගිය අතීතයක්.......
             අලුත් කළ ගායකයෙක්......
_____________________________________________

"මෙවර  වසරේ හොදම ගායකයාට හිමි සම්මානය හා ජනප්‍රියතම  ගීත ඇල්බයට හිමි සම්මාන දිවිත්මයම දිනා ගනු ලබන්නෙ

බේක් කියුo ඔබයි........"

ඒ නම ඇහුනා විතරයි ටිකක් වේගෙන් ගැහුන පපුවට එකපාරටම හාර්ට් ඇටෑක් එකක් ආව වගේ උනා. මන් හීනෙකින්වත් හිතුවෙ නෑ බේක් කියුoට අවෝඩ්ස් දෙකම යයි කියලා.
මම එහෙම හිතන ගමන් බැලුවෙ මින්ලාගේ මූනුදිහා පටන් ගන්ත වෙලාවේ ඉදන් උද්‍යෝගයෙන් තිබුන ඒ මූනු ටික එකපාරටම මැලවිලා ගිහින් තිබුනෙ හරියට හවසට පරවුන මල් වගේ.

කලින් අවුරුද්දෙ මගෙ නමින් පිරිලා ඉතිරිලා ගිය හෝල් එක අද කියුoගෙ නමින් රැව් දුන්නා. හැමෝගෙම අත්පොළසන් මැද්දේ කියුo ස්ටේජ් එකට ආවා.

🎤"ඉතින් බේක් කියුo ඔයාගේ රසිකයන්ට වචනයක් කතා කරමු......"

"ඔව් අනිවාර්යයෙන්ම.....
මියුසික් කියන්නෙ මගේ ලයිෆ් එකේ කොටසක්....
මන් හිතනවා වින්ක්ලි මේ පාර හරිම කෙනාට හරි අවෝඩ් එක දීලා තියනවා කියලා...."

ඒ මිනිහා අමුතු බැල්මක් දාලා එහෙම කිව්වෙ මන් දිහා බලාගෙන නෝන්ඩියට කියලා මට හොදට තේරුනා...

මිනිස්සු බලන් ඉන්න නිසා බොරුවට හිනා වෙලා හිටියා මිසක් මට හිනාවෙන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ.

"ඇත්තටම මන් මේ වෙලාවෙ මගේ මැනේජර් ජන්ග්ට මේ වෙලාවෙ ස්තූති කරන්නම ඕනි....
මන් වගේම මාව මේතැනට ගේන්න එයාත් ගොඩක් මහන්සි උනා...."

"අනේ ඕකගේ මහන්සිය මන් කියන්නෙ නෑ....."

මගෙ එහාපැත්තෙ හිටපු ටේ එකපාරටම එහෙම කිව්වේ කේන්තියෙන් කියුo දිහා බලන ගමන්.....

"මට මන් ගැන ගොඩක් ආඩම්බරයි.......
ඔයාලටත් එහෙම නේද ?
සරන්හේ .............."

🎤 : "මේ ජයග්‍රාහි මොහොතේ සමාරම්භය තව සුළු මොහොමතකින් බලාපොරොත්තු වන්න...."

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete On viuen les histories. Descobreix ara