Chapter : 25 🖤✨️(PART1)

102 31 8
                                    

My Empress ✨️🖤
Chapter : 24 ( 1) (අවසානයට පෙර)

කාලය කියාවී දෛවයේ සරදම්🍂

වැළලී ගිය අතීතයක්.......
අලුත් කළ ගායකයෙක්....

_____________________________________________

ජිමින් (මින්හෝ ) POV BACK 🌟 :

දින තුනකට පසු~ 🌺

රජෙක්...දෙයියනේ....මේක පිස්සුවක් නෙමේද...?කොහොමද දෙයියනේ මම මාවවත් බලාගන්න බැරුව රාජධානියක් බලාගන්නේ..නෑ..ජිමින්...ඔයා මේක කරන්නම ඕනි...පණ්ඩිතයා වගේ සුයෝන්ට ලොකු කතා කිව්වනම් දැන් ඉතින් කරන්න තමා තියෙන්නේ...

මම ඇද උඩ ඉදගෙන මගේ ඉස්සරහ තියන නිල් පාටට හුරු රාජකීය නිළ ඇදුම දිහා බලාගෙන මන් එක්කම තර්ක කළා...

හිතාගන්නවත් බැරි විදිහට රජකමක් උරුමවුණ නිසා මම ඉන්නෙ ටිකක් නෙමේ හුගක් කලබල වෙලා..ඇත්තටම කිව්වොත් මට පිස්සු හැදුනෙ නැති ටික විතරයි...

මිසෝ අම්මගෙ දුවල දෙන්නා හාජිනුයි සුයොනුයි නිවුන් සහෝදරියො වෙලා , ගායොන් මහ රැජිණගෙ පුතා මින්හො ඒ කියන්නෙ මම රජකමට උරුම කෙනා වුණා.....මෙහෙම දෙයක් හිතාගන්නවත් පුළුවන්ද..??..හිතාගන්නවත් බැරි වුණාට ඒක තමා සිද්ධ වෙලා තියෙන්නේ...

ජිහියා අම්මා වගේම සුයෝනුත් මට හැමදේම පැහැදිලි කරලා දුන්නට පස්සෙ රජකම භාරගන්න හිත හදා ගත්තත් අද අභිෂේක උත්සවය නිසාදෝ මගෙ හිත හරිම නොසන්සුන්.....

මන් දන්නවා මන් ඉන්නේ අනාගතෙන් අතීතයට කාලතරණය කරලා, මරණින් මතු මගෙ අලුත් ජීවිතේ කියලා..විටින් විට හිතට අමුත්තක් දැනුණත් මට මේ දේවල් හිත සතුටින් භාරගන්නවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ..මට පැනලා යන්නත් බැහැ..මං දන්නේ එච්චරයි..

(දොරට ගසන ශබ්දයක්...)

කල්පනා ලෝකෙක ගිලිලා හිටපු මම පියවි ලෝකෙට ආවේ කවුදෝ දොරට ගහන සද්දෙට...

ආශ්...ඩෝයූන් අයියණ්ඩි වෙන්න ඇති.. මට ලෑස්ති වෙලා ඉන්න කිව්ව නේද...
දැන් මොකද කරන්නේ...

මටම කියන ගමන් මම කාමරේ නෑ වගේ පෙන්නන්න තිර රෙදි පිටිපස්සට ගියේ බැනුම් අහන්න වෙන නිසා...

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now