Chapter : 23🖤✨️(SP❤🌹)

142 33 26
                                    

My Empress ✨️🖤 Chapter 23 👑
SPECIAL CHAPTER 🌹 (සූමින්)

වැළලී ගිය අතීතයක්...
අලුත් කළ ගායකයෙක්...

කාලය කියාවී දෛවයේ සරදම්..🍂

දින දෙකකට පසු~

🌟 මින්හෝ(ජිමින්) POV :

__________________🌺

උදෑසන~

කාලෙකට පස්සෙ මාළිගාවෙන් එළියට යන්න අවස්ථාවක් ලැබුණෙ නොහිතපු විදිහට...හැබැයි ඒ අවස්ථාව මට විතරක් ලැබුණ එකටනම් හිතේ පුoචි දුකක් තිබුණා..අවස්ථාවක් ලැබුණා කියනවට වඩා ලබාගත්තා කිව්වනම් හරි...

රැජිණ විමර්ශන ගමනක් යනවා කියලා දැනගත්තම ඒ ගමනට එකතු වෙන්න මන් නොකරපු දෙයක් නෑ...මම කියන්නෙ කවුද කියලා රැජිණියට ඔප්පු කරන්න ඕනි නිසාම විභාගයකුත් ලියලා විමර්ශන නිළධාරියෙකුගෙ තනතුරක් ගත්තේ මුළු මාළිගාවම පුදුම කරලා..

ආඩම්බරයක් තමා ඉතින්..😁 මම ඉතින් මාෆියා ඩ්‍රාමා පිස්සෙක් නිසා විමර්ශන විභාගය ලේසියෙන්ම ලියන්න පුළුවන් වුණා..

හිතන තරම් අමාරු නෑ අනේ..මොළේ කල්පනා කරානම් ලේසියෙන්ම ලියන්න පුළුවන්..කොහොමත් සින්ගර් කෙනෙක් වෙන්න කලින් මගේ ආසව තිබුණේ සීඅයිඩී ඔෆිසර් කෙනෙක් වෙන්න නිසා මගේ හිතටත් ඒක එච්චර අපහසුවක් වුණේ නෑ......

හැබැයි රැජිණ හැමෝගෙන්ම හංගන් ඉන්න මේ ප්‍රශ්නෙනම් හිතන තරම් ලේසි ප්‍රශ්නයක් නෙමේ..මාළිගාවෙ අභිරහස් මරණ වලටත් වඩා ටිකක් ගැඹුරුයි...

රතු ලිපිය, රතු හමුදාව ,නැතිවුණ මහ රැජිණගෙ අවසන් කැමැත්ත තියන චිත්‍රෙ වගේ මාළිගාවේ වැළළිලා ගිය දේවල් වල ඇත්ත නැත්ත හොයාගෙන ඕෂින් ගමේ ගුරුවරයෙක් හොයාගෙනයි අපි මේ ගමන යන්නේ..හරි පුදුමයිනේ..කොහොමත් මාළිගා කියන්නේ වැළලිලා ගිය රහස් වලින් පිරුණ රහස් ගුහා...

මේ ගමන රහස් ගමනක් නිසාත්,මේකෙන් එක එක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නිසාත් මට මේ ගමන ගැන කාටවත් කියන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ...

හැමෝටම රහසේ අපි ගමන යන්න ලෑස්ති වුණා..නිළධාරී ඇදුම් වලින් සාමාන්‍ය ඇදුම් වලට මාරු වුණේ කාටවත් අපිව අදුරගනන් බැරි වෙන්න...

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now