Chapter : 11 🖤✨️

117 45 5
                                    

වැළලී ගිය අතීතයක්.....
අලුත් කළ ගායකයෙක්........

__________________________________

පෙර කොටසින් :

"..ජින්.......ජින් හ්‍යුන්ග්.........ඒ ජින්.. ඒ මූණ ජින්ගේ..... මේක වෙන්න බෑ......"

ඒ මූණ හ්‍යුන්ගේ....... මන් ඇස් දෙක පිහල ආයේ බැලුවේ ඒ හ්‍යුන්ගෙම මූණද කියලා. අනේ ඔව් ඒ මූණමයි....... මොහොතකට මම ගල් වෙලා එයා දිහා බලන් හිටියේ ඊළග මොහොතේ මොනවා කරන්නද නොතේරුණ නිසා......

මට වඩා වoශවත් ඇදුම් ඇදගෙන හිටපු ඒ මනුස්සයාට තිබුණේ ජින්ගෙම වයසෙම හැන්ඩි පෙනුමක්...කොණ්ඩෙ ටිකක් වෙනස් වුණාට මූණට ගැළපෙන කොණ්ඩයක් එයාට තිබුණා.. පරණ පෙනුමක් තිබුණත් ඒ පෙනුම ජින්ගේ රූපෙට ලොකු හානියක් කළේ නෑ......

මම ගල්වෙලා වගේ හ්‍යුන්ග් වගේ කෙනා ගහගන්න දිහා බලාගෙන ඉද්දි එකපාරටම හාජින් ගහපු මනුස්සයො දෙන්නගෙන් එක්කෙනෙක් පැනලා දුවන ගමන් ඇවිත් මගේ ඇගේ හැප්පුණා.. ඒත් එක්කම මම බිමට වැටුණා...ඒ වැටුණ පාරට මගේ අතේ වැළමිට ළගින් තුවාල වුණේ බිම පොළොව බොරළු නිසා.......

මම ඇග පිහලා නැගිටින්න හදන්න ඔලුව උස්සද්දි මම දැක්කේ තෙදොo මට නැගිටින්න අත දික් කරගෙන ඉන්නවා...
ඒ ඇස් මට මතක් කලේම ටේව.... පළවෙනි වතාවට තෙදොoව දැක්කට වඩා අද එයාගේ මූණ අහින්සක පාටක් ගත්තා......

"යාහ්........ ඔයා හොදින්ද........"

"ඔව් ඔ....ව් මට ප්‍රශ්නයක් නෑ......"

කියලා එයාගේ අතේ උදව්වෙන් නැගිට්ටා.....

"ඔයාට තුවාල නෑ නේ......."

"නෑ.......කරදර වෙන්න එපා...... මම හොදින්....."

මම කිව්වේ ඇගේ තිබුණ වැලි පිහින් ගමන්..

"ආයෙ උඹලා මේ පැත්ත පළාතෙවත් එන්න හිතන්නවත් එපා........"

ජින් වගේ කෙනා කිව්වම ගුටි කාපු මිනිස්සු හතරදෙනා ඇග පත අතගගා එතනින් දුවලා ගියා.......

"යාහ් හාජින්......."

කියලා ජින් වගේ කෙනා හිනාවෙලා හාජින්ව බදාගත්තා... හාජිනුත් ආපිටට එයාව බදාගත්ත්තෙ ලොකු හිනාවක් මූණෙ පුරෝගෙන.. හාජින්ගේ මූණෙත් තිබුණේ කවදාවත් නැති ලොකු සතුටක්....

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now