Chapter : 22 🖤✨️

126 30 19
                                    

වැළලී ගිය අතීතයක්...
             අලුත් කළ ගායකයෙක්...

කාලය කියාවී දෛවයේ සරදම්..🍂
___________________________________

🌟AUTHOR POV :( කතෘ)

මෝයාගේ අවමංල්‍ය උත්සවය හරිම චාම් විදිහට ආච්චි අම්මගේ ප්‍රධානත්වයෙන් සැමරුවා..මරණය නිසා පිටුවහල් කරල හිටපු මෝයාගේ පවුලේ නෑදෑයන්ට පවා උත්සවයට සහභාගී වෙන්නත් රැජිණගෙන් අවසර ලැබුණා...

රජ පවුලේ කෙන්කුට අනපේක්ෂිත මරණයක් නිසා මුළු රාජධානියම දින තුනකට රැජිණ ශෝක දින විදිහටත් නම් කළා..රැජිණගේ ඉදන් පාලිකාව දක්වා හැමෝම ඇදුම් පවා සුදට මාරු වුණේ සාම්ප්‍රධායක් විදිහට....

⭕මෝයාගේ මරණෙන් දින දෙකකට පසු
උදෑසන~

තමන්ගේ ආදරේ තමන්ගේ ඇස් ඉස්සරහම නැතිවුණාම දැනෙන වේදානාව
මොකක්ද..ඒ වේදනාවෙන් ඩෝයූන්ගේ මුළු ආත්මයම දැවිලා අලු වෙලා ගියා..

මෝයාගේ අවමංගල උත්සවය දවසෙ ඉදලා ඩෝයූන් එකමොහොතක්වත් මෝයාව සොහොනේ තනි කළේ නැහැ..
එයා මෝයාගේ දේවලුත් අරගෙන සොහොනේ  පඩියේ වාඩිවෙලා මෝයා ගැන කල්පනා කළා..

"මම හිතුවා අදත් ඔයා මෙතන ඇති කියලා...."

කියපු හාජින් හිමින් ඇවිත් ඩෝයූන් ළඟින් වාඩිවුණා..

"ආහ්....හාජින්....."

කියලා ඩෝයූන්, එයාගේ ඇස් කොනින් වැටුණ කදුළ අතින් පිහගත්තේ හජින්ට නොපෙනෙන්න..

"ඔයා මොකද මෙහෙ කරන්නේ...."

ඩෝයූන් සාමාන්‍ය පෙනුමක් මවාගෙන හාජින් දිහාවට හැරුණේ එයාට වෙනසක් නොපෙන්නන්න...

"ඔයා හොදින්ද....."

"ඔව් මම හොදින්.....මොකක් හරි ප්‍රශ්නයක්ද....."

"මට ඔයාට දෙන්න දෙයක් තියනවා..."

කිව්ව හාජින් එයාගේ ඇදුමේ සාක්කුවෙන් ලියුමක් අරගෙන ඩෝයූන්ට දුන්නා...

"මේ මොකක්ද......? "

"කියවලා බලන්න.....".

ඒ ලියුම දිගෑරිය ගමන් ඩෝයූන් අමාරුවෙන් නවත්තගෙන හිටපු කදුළු කම්මුල් දිගේ බේරෙන්න ගත්තා...

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now