Chapter : 17 🖤✨️

135 36 13
                                    

My Empress ✨️🖤
Chapter : 17 👑
__________________________________

🌟 ජිමින් (මින්හෝ) POV:

පැය කීපයකට පසු~

සියපත් ශාලාවෙන් අපි හැමෝවම අත් අඩංගුවට අරගෙන මාළිගාවට එක්කගෙන ආවා..එක්කගෙන ගියා විතරක් නෙමේ අපිව හිරේටත් දැම්මා..මෙහෙට ආව පළවෙනි දවසෙත් හාජින් එක්ක හිරේ හිටියා නිසා ඒක මට එච්චර අමුතු අත්දැකීමක් වුණේ නෑ...

මම හිටියෙ ලී චිo අයියණ්ඩියි තව තුන්  දෙනෙකුයි එක්ක වෙනම හිර ගෙදරක..අපිව වෙන වෙනම හිර කරපු නිසා තෙදොo චoසොන් ඩෝයූන් , හාජින් කොහෙ ඉන්නවද කියලා  කවුරුත් දන්නෙ නෑ...

මේ වෙන කිසිදෙයක් ගැන මට හිතා ගන්න බෑ...දන්න තරමින් චo මින්හෝ නරක කෙනෙක් වුණාට අපරාධකාරයෙක් නෙමේ...මේ දේවල් ගැන හිතලම මට නිකම් පිස්සු වගේ.... මම හිර ගෙදර ලී පොල්ලකට ඔලුව තියාගෙන එළිය බලාගෙන කල්පනා කළා.....

"ගුරුතුමා.....මොකක්ද මේ සිද්ධ වෙන්න...."

අපිත් එක්කබ්ආව තවත් කෙනෙක් ඇහුවේ බිම බිත්තියට හේත්තු වෙන්න වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාගෙන , අත් දෙක ඔලුව පිටිපස්සට කරගෙන , කට අගින් ඉරටු කෑල්ලක් හපන ගමන් හිටපු ලී දිහා බලන ගමන්.....

"මමත් හරියට දන්නෙ නෑ ........"

එයා ඇස් පියාගෙනම කිව්වා...
ලී නම් හිටියේ ලෝකෙ පෙරළුනත් එයාට  කිසි ගාණක් නෑ වගේ.....

"අනේ මන්දා මේ රැජිණනම් පිස්සු ගෑණියෙක්...."

ගුරුතුමා එක්ක කතා කරපු කෙනා කිව්වේ ටිකක් එහාට  අනික් දෙන්නා ළගින් බිම වාඩි වෙන ගමන්....

"ඔව් මොන මගුලක්ද මේ....උත්සවය දවසෙම නිකම් හේතුවක් නැතුව අත් අඩංගුවට ගත්තේ...."

කියලා ඒ කෙනා එයාගේ ඔලුවේ තිබුණ තොප්පිය ගළවලා පැත්තකින් තිබ්බා....

"ඔව්...මන් තව ටික දවසයි බලන්නේ ශින්ජු වලට යනවා......"

"ගියා කියලා වැඩක් වෙන්නෙ නෑ...ශින්ජු පාලකතුමාත් රැජිණට දෙකට නැවිලා ඉන්නේ."

"ඒත් එහෙ මෙහෙට වඩා හොදයි...."

"බලමුකෝ මොකද වෙන්නේ කියලා.....අපේ පවුලේ අය මේගැන අනිවාර්යයෙන්ම රැජිණ එක්ක කතා කරයි....."

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now