Chapter : 25 🖤✨️(PART2)

105 30 6
                                    

පෙර කොටසට : https://m.facebook.com/story.php?story_fbid=265327025622404&id=100064353265866

My Empress ✨️🖤
Chapter : 24 👑  (Part2)
(අවසානයට පෙර)

දෛවය කියාවී කාලයේ සරදම්🍂

වැළලී ගිය අතීතයක්
         අලුත් කළ ගායකයෙක් ......

___________________________________________

🌟 මින්හො(ජිමින්) POV BACK:
මසකට පසු~ 🌺

'රජෙක්' ඒ වචනයේ පවා තියෙන්නෙ ලොකු ගාම්බීර පෙනුමක්...
මන් පාර්ක් ජිමින්ගෙන් චං මින්හො වෙලා චං මින්හොගෙන් කිම් මින්හො වෙලා මේ විහග රාජධානියේ රජකම භාරගත්තා..
මේ රාජධානිය අතීතෙ ඉදන්ම කලාවට බර රාජධානියක්..හැබැයි ඉතින් මට මේ රාජධානිය ගැන කිසි මතකයක් නැහැ...මන් ඉතිහාසය පාඩම් කරපු තරම තමා ඉතින්..

ශියෑන් රාජධානිය වගේම ශින්ජුත් පාලනය වෙන්නේ මගෙ බලය යටතේ..
ඒත් ශින්ජු වල පාලන බලය පවරලා තියෙන්නේ නම්ජූන් හ්‍යුන්ග්ට..නැහැ..
නැහැ..නම්ජූන් වගේම වුණාට නමින් එයා මෝයුන්...සුයෝනුත් කලින් ශින්ජු බලය පවරන්න ඉදලා තියෙන්නෙ මෝයුන්ට...

මෝයුන් අයියණ්ඩි ලබන මාසෙ ලී හෙයිව කසාද බදින්නයි ඉන්නේ..මේ වෙනකොට නම්ජූන් හ්‍යුන්ග් මොනවා කරනව ඇත්ද...
මට හැමවෙලේම එයාලව මතක් වුණත්  මෙයාලා ඉන්න නිසා ඒ පාළුව ඒ තරම් දැනෙන්න නැහැ...දෛවය කොයිතරම් පුදුමාකාරද හැමදේම හරි ලස්සනට ගළපනවා එයා...
මට හැමවෙලේම හිතුණේ එච්චරයි...

අපිට තිබුණ රාජද්‍රොහි චෝදනා අයින් වෙලා අපි හැමෝම නිර්දෝශි අය වුණා..
ඩෝයූන් අයියණ්ඩි ජින් හ්‍යුන්ග් වගේ ගුරුවරයෙක් වුණා...ලී අයියණ්ඩි යූන්ගි වගේම සටන් පුහුණුකරුවෙක් වුණා..තෙදොo තමා දැන් මාළිගාවේ ප්‍රධාන සූපවේදියා..හරියට ටේහ්‍යුන් වගේ..

චoසොන් නම් පුරුදු විදිහට  එයාගෙ සියපත් ශාලාවට කරගෙන යන ගමන් මෝස්තර ශිල්පී පාලිකාවන්ව පුහුණු කරනවා..එයත් ඉතින් ඇරපු අතක් නෑ ජන්ග්කුකී වගේමයි...

මම යොන්හටත් මම දන්න හැමදේම කියලා දීලා එයාව නව නිපැයුම් අංශෙ ප්‍රධානියා කළා..එයාව ගැළපෙන්නෙ ඒවාට තමයි...

හාජින්ගෙයි සුයෝන්ගෙයි දේවල් ඇරෙන්න අනික් හැමදේම අනාගතේට සාපේක්ෂව අතීතයට ගැළපෙන්න සිද්ධ වුණා...

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now