Chapter : 12🖤✨️

112 47 2
                                    

කාලය කියාවී දෛවයේ සරදම්........❤

වැළලී ගිය අතීතයක්.......
     අලුත් කළ ගායකයෙක්.......

_____________________________________________

"මු....මු....මුන් නැන්දා...... ඔයා.......??" 😲

මින්හෝ ඇහුවේ කාමරේ හාජින් ළග බිම වාඩි වෙලා ඉන්න මුන් නැන්දා දිහා පුදුමෙන් බලන ගමන්.......

"අහ්..... චo මින්හෝ.......  "

නැන්දා කිව්වේ ඇස් ලොකු කරලා මින්හෝ දිහා බලාගෙන.....
බලාපොරොත්තු නොවිච්ච වෙලාවක මින්හෝ එතනට ආව එකට හාජින් වගේම නැන්දත් ටිකක් තිගැස්සුණා.....

"නැන්දේ....... ඔයාට මේ මොකද වුණේ.....😶."

"අහ්.... මේක එච්චර දෙයක් නෙමේ දරුවෝ.....
කලබල වෙන්න දෙයක් නෑ......"

කියලා නැන්දා එයාගේ වම් කකුල අතින් වහගත්තා..කකුලෙ යට හරිය ගැඹුරට තුවාල
වෙලයි තිබුණේ.....

"නැන්දේ..... ඔයාට මොකද වුණේ..... මේ හැමතැනම ලේ තියනවා.........

නැන්දගේ වටපිටාවට ඇස් හරවපු මින්හෝගේ මූණ ප්‍රශ්නාර්ථ පෙනුමක් ගත්තේ  නැන්දාගේ ඇදුම් වල වගේම බිම පොළවෙත් තැනින් තැන  ලේ  තියනවා දැකල.......

යාහ්.....හාජින් නැන්දගේ කකුලට මොකද වුණේ......??"

කොල්ලා එහෙම කියලා හැරුනේ  හාජින් දිහාවට...
කොල්ලා ඇස් දල්වගෙන උත්තරයක් බලාපොරොත්තුවෙන් කෙල්ල දිහා බලාගෙන හිටියත් කෙල්ල මින්හෝ කියපු දේ ඇහුණෙ නැති ගාණට වතුරෙන් පොගවපු රෙදි කෑල්ලෙන් නැන්දගේ තුවාලෙ තැව්වා.......

" මින්හෝ..... මේක එච්චර දෙයක් නෙමේ දරුවෝ......

මන් බෙහෙත් වගයක් හොයන්න කැලේට ගියා.... එතකොට සතෙකුට අටවපු උගුලකට කකුල අහුවුණා......."

නැන්දා හරි සන්සුන්ව කිව්වේ එයාගේ ඇස්වල තිබුණ වේදනාව හoගගෙන.......

"අහ් එහෙමද වුණේ..... මම හුගක් බය වුණා...

කියලා පපුව පුරෝලා ලොකු හුස්මක් ගත්තේ නැන්දා ගැන මින්හෝගේ හිතේ තිබුණ තිගැස්ම නැති වුණ නිසා...

"දැන් හරිනේ......කලබල වෙන්න දෙයක් නෑනේ.."

ඔව් නැන්දේ දැන්නම් සැනසීමයි....
ඇත්තටම මම හිතුවේ එදා වගේ අර මිනිස්සු හාජින්ගේ....."

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now