Chapter : 06 🖤✨️

204 47 12
                                    

Chaapter : 06 👑
____________________________________________

වැළලී ගිය අතීතයක්........
අලුත් කළ ගායකයෙක් .........

___________________________

ජිමින් ( මින්හෝ ) POV :

දිනකට පසු ~

ඊයෙ වුණ සිද්ධියෙන් පස්සෙ හාජින්ට විශ්වාස නොකර ඉන්න බැරි වුණා මම එයා හිතන් ඉන්න මින්හෝ නෙමේ කියලා. ඒත් මන් හිතුව තරම් ලොකුවට කෙල්ල පුදුම වුණේ නෑ. එයා හැමවෙලේම ඉන්නෙ මාව සත පහකට ගනන් ගන්නෙ නෑ වගේ. ඒ හැමවෙලේම මට හිතෙන දෙයක් තමා කෙල්ලට මින්හෝ එක්ක මොකක් හරි ලොකු තරහක් තියනවා කියලා...

උදෙන්ම නැගිටලා සුපුරුදු විදිහට බෑග් එකත් කරේ දාගෙන ලොකු පෙට්ටියක් වගේ දේකුත් අතට අරගෙන එළියට ආව කෙල්ල , මාව දැකලත් නොදැක්කා විදිහට එයාගේ කාමරේ දොර වැහුවෙ හරියට කොහෙ හරි දුර ගමනක් යන්න වගේ.....

කෙල්ල මගේ දිහා ඇස් හරවලා බලපු ගමන් එයාගෙන් ඇස් අහකට අරගෙන ඔඩොක්කුවෙ හිටිය මියෑන්ව හුරතල් කලේ මාත් කෙල්ලව දැක්කෙ නෑ වගේ......

"ගෙදර යන්නෙ නැද්ද දිගටම මෙහෙ ඉන්නද කල්පනා කරන්නෙ........"

කෙල්ල එකපාරටම එහෙම අහපු ගමන් මං හිමීට කෙල්ල දිහාවට හැරුණා ......

"ගෙදර...... මොන ගෙදරද ?....."

මන් ඇස් ලොකු කරලා එහෙම ඇහුවේ මේ ඉන්න මුන් නැන්දගෙ ගෙදර ඇර වෙන ගෙවල් ගැන ඇත්තටම මම දන්නෙ නැති නිසා......

"ආශ් ඔයාට කියලා වැඩක් නෑ......."

කියන ගමන් මූණත් දෙක කරගෙන කෙල්ල ගියේ ගෙදර පුoචි ලී ගේට්ටුව ළගට.....

"මම යනවා.......
ඔයාට කාසි තියනවනම් දිගටම මෙහෙ ඉන්න එකයි ඇත්තෙ......."

කියන ගමන් කෙල්ල ගේට්ටුවෙන් එහා පැත්තට ගියා.....

"ඔයා කොහෙද යන්නෙ.........."

මන් එහෙම ඇහුවේ බoකුවෙන් නැගිටින ගමන්.....

"මo යන්නෙ ගෙදර......"

කියන ගමන් කෙල්ල ගේට්ටුව වැහුවා....

ගෙදර කියන වචනෙ ඇහුනත් ඇති හිතට දැනෙන්නෙ පුදුම සහනයක්. ඒත් ඉතින් මට එහෙ වගේ ගෙදරක් නැති නිසා හාජින් යන තැනකට යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ .....

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Onde as histórias ganham vida. Descobre agora