Chapter : 13 🖤✨️

111 44 5
                                    

කාලය කියාවී
දෛවයේ සරදම්.....!

වැළලී ගිය අතීතයක්......
අලුත් කළ ගායකයෙක්

_____________________________________________

📌️(තෙදොo = වර්තමානේ ටේගේ රූපේ
චoසොන් = වර්තමානේ ජන්ග්කුක්ගේ රූපේ
ඩෝයූන් = වර්තමානේ ජින්ගේ රූපේ )

පෙර කොටසින් :

මින්හෝ (ජිමින් ) POV

ඒ හිනාව හාජින්ගේ.... ඔව් ඒ ලස්සන කෙල්ල වෙන කවුරුත් නෙමේ හාජින්...කම්මුල වල ගැහෙන ඒ හිතුවක්කාර හිනාව තියෙන්නේ හාජින්ට විතරයි......

ඇත්තටම කෙල්ල ගවුමට පුදුම ලස්සනයි. හැමදාම කොල්ලෙක් වගේ ඇදුම් ඇදගෙන රිබන් එකකින් කොණ්ඩේ බැදගෙන ඉන්න කෙල්ල රෝස පාට ගවුමට , කඩන් වැටෙන කොණ්ඩෙත් එක්ක පුදුම ලස්සනයි. උඩින් වැටෙන ලන්තෑරුම් එළියට කෙල්ල කැපිලා පෙනුණා...

කෙල්ල ලැජ්ජාවෙන් මූණ හදාගෙන අඩියෙන් අඩිය අපේ ඉස්සරහට ඇවිදන් එද්දි මන් මොහොතකට ගොළු වුණා වගේ මට දැනුණා.

"වාහ්......හාජිනා....... මේ ඔයාමද.... මට එකපාරටම අදුරගන්නත් බැරි වුණා......"

අපේ ඉස්සරහට ඇවිදගෙන එන කෙල්ල දිහා බලාගෙන තෙදොo ඇහුවේ ඇස් ලොකු කරගෙන....

"ඒකනේ....මන් කිව්වා මේ ඇදුම් මට හරියන්නෙ නෑ කියලා.... කොහෙද මන් කියන එකක් අහන්නේ නෑනේ......"

කෙල්ල කිව්වේ මූණ ඇඹුල් කරගෙන එයා ඇදන් ඉන්න ගවුම දිහා අකමැත්තෙන් බලන ගමන්.....

"නෑ නෑ හාජින් ඇත්තටම ඔයා අද හුගක්ම ලස්සනයි..."

ඩෝයූන් අහින්සක හිනාවක් දාලා කිව්වේ කෙල්ලගේ හිත හදන්න වගේ.....

චoසොන් : "ඩෝයූන් අයියණ්ඩි කියන කතාව ඇත්ත හාජින්.... වෙනදට වඩා ඔයා අද ගවුමට හුගක්ම ලස්සනයි....."

තෙදොo : "ඒ කියන කතාවටනම් මාත් එකගයි.... අර චණ්ඩි පෙනුම අද නෑ....

ගවුම ඇන්දමනම් ඔයා නියමම ආච්චි අම්මා කෙනෙක් වගේ....
මන් කියන කතාව ඇත්ත නේද මින්හෝ.."

කියලා තෙදොo හිනාවෙලා මන් දිහා බැලුවම මම එයා කියන දේ නෑහුණා වගේ හිටියේ කෙල්ල ඉස්සරහ මොනවා කියන්නද කියලා කිසි තේරුමක් නොතිබුණ හින්දා....

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now