Chapter : 18 🖤✨️

147 30 11
                                    

My Empress ✨️🖤

කාලය කියාවී දෛවයේ සරදම්.....🍂

වැළලී ගිය අතීතයක්.......
               අලුත් කළ ගායකයෙක්.......

___________________________________

🌟ජිමින් (චo මින්හෝ ) POV:

ඊයේ රැයින් පස්සෙ අපිට ටිකක් කතා කරන්න නිදහස ලැබුණා...අකමැත්තෙන් වුණත් අපිට මාළිගාවේ සේවය කරනවා ඇරෙන්න වෙනත් තෝරාගැනීමක් තිබුණේ නෑ..ඒ නිසා අපි හය දෙනාම තීරණය කළා මාළිගාවේ සේවය කරන්න. ඩෝයූන් අයියණ්ඩි නම් එයාටත් වඩා දුක් වුණේ අපි ගැන..

එයා ගොඩක් පසුතැවුණා මේ ගැන හරියට හොයාගන්න බැරි වුණ එකට..හාජින් නම් මිසෝ අම්මව බලාගන්න බැරි වෙන නිසා හිටියේ අවුලෙන්...ලී අයියණ්ඩි වචනයක්වත් කිව්වේ නෑ..තෙදොo හිටියෙත් එයාගේ කඩේ කරගන්න බැරි වෙන නිසා දුකින්....චoසොන් එයාගේ පවුලේ අයගෙන් හොදටම දොස් ඇහුවා..හැමෝගෙම හීන එයාලගේ දෙපාමුල කඩාගෙන වැටුණා..

ඉතින් මේ වගේ වෙලාවක මන් මොකද කරන්න ඕනි...චo මින්හෝ  වෙලා ඔහේ වෙන දෙයක් බලාගෙන ඉන්නවද? පාර්ක් ජිමින් වෙලා මේ හැමදේම විසදනවද....
පාන්දර ඉදන්ම නිදි නැතුව මන් කල්පනා කළේ ඔය ගැන.....

මෙහෙට එන්න කලින් මට හීනයක් තියා කරන්න කියලාවත් දෙයක් තිබුණේ නෑ.. ඒත් දැන් මට කියලා වගකීමක් තියෙනවා...මන් මේ ප්‍රශ්නෙට අපි වැරදි නෑ කියලා උද්දච්ච රැජිණටයි , බොරු සාක්ෂි දුන්න ගමේ එවුන්ටයි  ඔප්පු කරලම පෙන්නනවා...අවුරුදු  හයක් බොරු දේකට මගේ යාලුවන්ගේ ජීවිත විනාශ වෙන්න මම ඉඩ දෙන්නේ නෑ....

පසු දින ~
උදෑසන 🌞

සේවයට එක්කගෙන යන්න කෙනෙක් එනකන් මට විමර්ශන ශාලාව ඉස්සරහට වෙලා ඉන්න කිව්ව නිසා ඒ කෙන එනකන් මම විමර්ශන ශාලාව ළගට වෙලා කල්පනා කර කර හිටියා..

"ඔයාද චං මින්හෝ කියන්නේ......"

ශලාව වටපිට බල බල කල්පනා කර කර හිටපු මම එකපාරටම පිටිපස්ස හැරුණේ කවුදෝ මන්දා මගේ නම කියනවා ඇහිලා...

ඇස් වලින් හිනාවීගෙන පඩිපෙළ බැහැලා එන කෙනාව දැකපුවාම මම ටිකක් තිගැස්සුණේ ඒ කෙනා වෙන කවුරුත් නෙමේ ඉයුන් වගේ නිසා. ඒජන්සි එකේ මට හම්බුණ මුල්ම යාලුවා තමා ඉයුන් කියන්නේ...අනික් අය වගේ ඉයුන් වගේ කෙනෙකුත් මේ කාලේ  ඉදී කියලා මම නිකමටත් හිතුවේ නැහැ....

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now