Chapter : 15 🖤✨️

133 38 8
                                    

My Empress ✨️🖤
Character : 14 👑

කාලය කියාවී දෛවයේ සරදම්......🍂

වැළලී ගිය අතීතයක්.......
           අලුත් කළ ගායකයෙක් .........🍂

________________

පෙර කොටසින් : ජිමින් (මින්හෝ ) POV

ජන්ග් හෝසක්....හොබී හ්‍යුන්ග්....... මට අදහාගන්නවත් බෑ...එයත් මේ කොහෙ හරි ඉදී කියලා පුoචි විශ්වාසයක් තිබ්බට මන් කවදාත් හිතුවේ නෑ එයාව අනාවැකිකාරයෙක් ව්දිහට මෙච්චර ඉක්මනටම මුණගැහෙයි කියලා....

ඇරපු අතක් නෑ හ්‍යුන්ග් වගේම තමා..ඒ පෙනුම අඩුවක් නැතුව මෙයාටත් තිබුණා.. එයාගේ අතීත පෙනුමෙ කිසි අවුලක් නෑ.. මොනවදෝ එක එක බඩු වගයක් ළග තියාගෙන මිනිස්සු පිරිවරාගෙන ඉන්න මෙයාව දැක්කම මට හිනාත් යනවා ඉතින්.එහෙදිත් කලේ එක එක පරීක්ෂණ කර කර හිටපු එකනේ.. එකම විදිහට කොහොම වුණාද මන්දා....

මන් ටික වෙලාවක් එයා දිහා බලාගෙන ඉදලා එතනින් එන්න ආවා. එයත් එක්ක කතා කරන්න පුoචි ආසාවක් හිතේ තිබ්බත් ආයෙමත් අවුලක් ඇති කරන්න ඕනි නැති නිසා මන් එතනින් එන්න ආවා.....

තෙදොo ඩෝයූන්ගෙන් සමුඅරගෙන පුරුදු විදිහට මායි හාජිනුයි අපේ ගෙවල් පැත්තට යන පාරට හැරුණා...

ඊයෙන් පස්සෙ කෙල්ල මාත් එක්ක වැඩිය කතා කළේ නැති තරම්.. අනේ මන්දා ඉතින් එයාවනම් තේරුම් ගන්නම බෑ...මාත් ඉතින් කට පියාගෙන ඔහේ ඉස්සරහට ඇවිදන් ගියා...

" යාහ් චo මින්හෝ..."

කෙල්ල එකපාරටම කතාකළාම වටපිට බල බල හිටපු මම කෙල්ල දිහාවට ඇස් හැරෙව්වා.

"ම්න්....."

"ඔයා ආයෙමත් මෙහෙ එන්න ඕනේ නෑ...."
කෙල්ල කිව්වේ කිසි ගාණක් නැතුව....

"මොකක්ද ?....."
මම ඇහුවේ ඉස්සරහට තියන්න හදපු කකුල පිටිපස්සට ගන්න ගමන්....

"ඔයා ආයෙමත් මෙහෙ එන්න ඕනි නෑ.. ඔයා ඔයාගේ ගෙදර යන්න..."

කෙල්ල මා දිහා බලලා එහෙම කියලා ඉස්සරහට ඇවිදන් ගියේ කිසි ගාණක් නැතුව. මට හිතාගන්න බැරි වුණා එකපාරටම එයා කිව්වෙ මොකක්ද කියලා......

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now