Chapter : 26 🖤✨️(PART1)

118 31 9
                                    

පෙර කොටසට :https://m.facebook.com/story.php?story_fbid=265986148889825&id=100064353265866

My Empress 🖤✨️
Chapter 25 pt.1 👑 (අවසාන කොටස)

__________________🌺

වැළලී ගිය අතීතයක්.....
අලුත් කළ ගායකයෙක් ......

කාලය කියාවී දෛවයේ සරදම්🍂

________________________________________

(පෙර කොටසට සම්බන්ධය...)

☑️තෙදොo : වර්තමාන ටේහ්‍යුන්ගේ අතීත රූපේ

මෝයුන් : වර්තමාන නම්ජූන්ගේ අතීත රූපේ...

ඩෝයුන් :වර්තමාන ජින්ගේ අතීත රූපේ

යොන්හා : වර්තමාන හොබීගේ අතීත රූපේ...

චoසොන් : වර්තමාන ජන්ග්කුක්ගේ අතීත රූපේ..

ලී චිo : වර්තමාන යූන්ගිගේ අතීත රූපේ
_______________

🌟ජිමින් (මින්හො) POV :

අනික් අය කෑම ගද්දි දොර අරින්න ගිය සුයෝන් දොර ළඟ ගල් වෙලා වගේ හිටන් ඉන්නේ ඇයි කියලා බලන්න මම එයා ළගට ගියා...

"සුයෝන්....ඇයි මොකක්ද්ද...අ...."

කියාගෙන එයා ළගට ගියා විතරයි මගේ ඇස් උඩ ගියේ දොර ඉස්සරහ හිටන් ඉන්න කෙනාව දැක්කම...

දෙයියනේ බේක් කියුං...මගෙ පපුව එකතැන නතර වුණා වගේ වුණා..මගේ ඇස් ඉස්සරහ තවත් කීපදෙනෙක් එක්ක හිටන් ඉන්නේ බේක් කියුංගෙ අතීතේ රූපේ....මට හිතාගන්නවත් බැහැ...මේක කොහොමද වෙන්නේ..මගෙ කතාව ප්‍රධාන චරිතයක් වුණ බේක් කියුංව කොහොමද මට අමතක වුණේ...මන් මෙහෙම කාලතරණය කරන්න හේතුවත් බේක් කියුං..

ඒ මූණ දිහා බලාගෙන මම මොහොතකට ප්‍රශ්න ගොන්නක අතරමං වුණා...

"අහ් මි...න්....හෝ...." ඒ මිනිහා මගේ නම කඩලා උච්චාරණය කළේ හරි නෝන්ඩි විදිහට...ඉස්සර බේක් කියුං වගේම..

මම ඒ මිනිහා දිහා බලල එකපාරටම හැරුණේ සුයෝන් දිහාවට..ඇස් දෙකත් ලොකු කරගෙන සුයෝන් ඒ මිනිහා දිහා බලන් හිටියේ හරියට හොල්මනක් දැකලා බයවෙලා වගේ....

සුයෝන් දිහා බලලා ඒ මිනිහා දිහා බැලුවම මට මොකක්දෝ අමුතු හුරු බවක් දැනුණා..මගෙ මතකේ එදා වින්ක්ලි අවෝඩ් ශෝ එක දවසට දුවගෙන ගියේ ඒත් එක්කම...ඒ දවස් වල වුණ සේරම දේවල් මට එකපේළියට මතක් වෙන්න ගත්තේ හැමෝගෙම මූණුත් මතක් වෙන ගමන්...

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now