Chapter : 08 🖤✨️

145 46 14
                                    

My Empress 🖤️✨
Chapter 08 : 👑
__________________________________

වැළලී ගිය අතීතයක්......
අලුත් කළ ගායකයෙක් .........

_______

පෙර කොටසින් ,

දෙයියනේ ටේහ්‍යොන්.... මේක හීනයක්ද....... නෑ ඒ ටේම තමා.....පොඩ්ඩක් වෙනස් පෙනුමක් තිබුණට පුoචි රැවුලක් තිබුණට මට මිනිහව හොදට අදුරගන්න පුලුවන්.... ටේ ඇදන් හිටියෙ මට වඩා ටිකක් හොද , පරණ සූපවේදියෙකුට ගැළපෙන ඇදුමක්.....

ටේව දැකපු ගමන් මට දැනුනෙ ඉහ වහ ගිය සතුටක්..... කියාගන්න බැරි ඒ ලොකු සතුටත් එක්ක දුවලා දුවලා ගිහින් ටේගෙ කරට පැන්නා..... අම්මෝ කල්ප ගාණක් වෙන්වෙලා හිටියා වගේ....

"ටේ......අනේ ඔයත් මෙහෙ ඉන්නවාද එහෙනම්......
මට හැමවෙලේම ඔයාලව මතක් වුණ....
කොහෙද අහ් මෙච්චර දවස් හිටියේ......"

කියන ගමන් මන් මිනිහව තවත් තද කරලා බදා ගත්තා.. මට දැනුණෙ හරියට මගෙ ඊළග ජීවිතේදී එයාව අහම්බෙන් මුණගැහුනා වගේ හැගීමක්.....

" මොනවද අහ් කියවන්නෙ.....කවුද තමුසේ.......
එහාට යනවා.......
කිව්වම අහලා එහාට යනවා.....
එහාට යන්න නේද කිව්වේ......."

කියන ගමන් මාව එයාගෙන් ඈතට තල්ලු කළා.. ඒ කටහඩ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ... ඒත් මන් නොහිතපු විදිහට මාව ප්‍රතික්ෂේප කරපු එක මට ලොකු ප්‍රශ්නයක් වුණා....

"ආශ්........ කොහෙද යන පිස්සෙක්........"

ටේ මන්දිහා බලලා කට ඇදකරලා කිව්වෙ හරියට අමුතු පිටසක්වල ජීවියෙක් දැකලා වගේ.....

"ටේ...... ඔයාට මොකද වෙලා තියෙන්නෙ.... මේ මම......"

මට හිතාගන්න බැරි වුණා ටේගේ අමුතු හැසිරීම ගැන ......

"කවුද තමුසේ...... ඔල්මාදේ හැදිලද අහ් මගේ ඇගේ එල්ලුනේ...... ආශ්..."

අකමැත්තෙන් වගේ කියන ගමන් එයා ඇදන් හිටපු ඇදුම් ගසලා දැම්මෙ හරියට මම නිසා එයාගෙ ඇදුම් කිලුටු වුණා වගේ.......

"යාහ්...... ඔයාට මාව අදුරගන්න බැරිද ? මම ජිමින් ...... ඔයාගේ ජිමිනා........"

"චිමිනා....... චිමිනා කියන්නෙ තමුසෙගෙ නමද ?......."

චිමිනා මන් කියන්නෙ නෑ චිමිනා ගැන... ටේගෙ විහිලු ඕනවට වඩා වැඩියි කියලයි මට හිතුනේ......

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Onde as histórias ganham vida. Descobre agora