°° Beginning °°

529 109 141
                                    


ඒ වෙලාවේ පංති වල හිටපු හැම කෙනෙක්ම වගේ දොරවල් වලින් ඔලුව දාගන බලන් හිටියේ කොරිඩෝ එකේ වෙන සිද්ධිය දිහා....

මම නම් හිතන්නේ නෑ... ඕක ගනී කියලා...

හ්ම්ම්.... මෙයාවත් ගනන් ගන්න එකක් නෑ....

අනික එයා හරියනවද.... 😏

එයා කවදාවත් බාර ගන්නේ නැති බව දැන දැන මොනාට අහනවද මන්දා.... අනික මෙයා කවුද එහෙම අහන්න......

හැමෝගෙම කසුකුසුව කොරිඩෝ එකේ තිබ්බ නිශ්ශබ්දතාව බිදලා දැම්මා...

ඒ අස්සේ එක කෙල්ලෙක් ඔළුවත් නවාගන , තවත් කොල්ලෙක්ගේ මුණට ලියුමක් දික් කරගනයි හිටියේ....
ඔප්පා... මම ... මම ඔයාට කැමතියි.... මේක බාරගන්නවද....🙄

වටේ පිටේ ඉදපු හැමෝගෙම ඇහෙන්න ගත්ත පල් හිනාව එක්ක ම ඒ කොල්ලා මූණට දික් වෙලා තිබ්බ ලියුම දිහයි ඒ කෙල්ල දිහායි බලලා ගනන් නොගෙනම ආපහු යන්න හැරුනා...

යූ ජිනා...
මෙච්චර වෙලා මේ සිද්ධිය බලාගන එතන හිටිය අනිත් කෙල්ලට කතාකරලා එයා ආපහු නොබලාම ගිහින් ඒ කෙල්ලගේ කරට අතකුත් දාගන ඉස්සරහට ගියේ , තවමත් අර කෙල්ල එතන ඒ විදියටම ලියුම දික්කරගනම තමන්ව නොසලකා ඉස්සරහට යන දෙන්නා දිහා බලාගන ඉන්ඩැද්දී....

හහ්... ඒක තමා කියන්නේ... හහ්... මෙයා කොහොමද අපේ ජිමින් එක්ක යාළු වෙන්නේ... හීනෙන් තමා... 😏
අනිත් කෙල්ලෝ ටික කොරිඩෝ එකේ හිටගන ඉදපු කෙල්ලට මහා හයියෙන් හිනා උනා...
ඒත් එහෙමයි කියලා ජිමින් එක්ක ගිය කෙල්ලටත් කිසිම කෙල්ලෙක් කැමත්තෙන් හිටියේ නෑ....

මොකද ජිමින් කියන්නේ School එකේ ප්‍රසිද්ධම කොල්ලා...

මොකද ජිමින් කියන්නේ School එකේ ප්‍රසිද්ධම කොල්ලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
__THE RED FOX __ 🦊 ( Completed )Where stories live. Discover now