°° You Can't Leave me °°

243 80 50
                                    


යූ ජින් දොර ඇරගන එලියට දුවද්දි ජිමින්ව තවත් ඇවිස්සුනේ ඒ ඇස්වල පාට එන්න එන්නම වෙනස්වෙද්දි....

යූ ජිනා... ඔයාට බෑ මගෙන් ඈතට දුවන්න.... 😡

අනිත් දෙන්නත් ලේ පෙරාගන සිහිනැති වෙද්දි ශීවුත් හිටියේ ඇහැකුත් නිල්වෙලා අඩ සිහියෙන්...
ජිමින්ගේ ඇගේ හිටිය Red Fox නිසා දැන් එයාගේ පාරවල් සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා ගොඩක් සැරයි... ඒ ශක්තියත් එක්ක කිසිම fox කෙනෙක්ට හැරෙන්න අමාරුයි... ඉතින් ශීවු කියන්නේ කොල්ලට එකපාරින් වට්ටන්න පුළුවන් කෙනෙක්...

ජිමින් ලේ පෙරාගන බිම වැටිලා හිටිය ශීවුගේ කොලර් එකෙන් අල්ලලා යන්තම් ඉස්සුවේ ශීවුට පණ නැතුව බෙල්ල පිටිපස්සට කඩන් වැටෙද්දි...
ආපහු එයාට ගහන්න අතත් උස්සලා ආයිත් එහෙම්මම එයාව බිමට අතෑරලා ජිමින් නැගිට්ටේ ඒ රතු ඇස්වලින් දොරදිහා රවාගන බලන ගමන්.....

ඔයා.. කොහෙටද ගියේ යූ ජින්... ඔයාට බෑ මාව දාලා යන්න...🤨
දැන් ජිමින් ගේ කටින් පිටවුන හැම වචනයක්ම අයිති red fox ට... හරියටම කිව්වොත් ජිමින් ගේ ඇගේ ඉන්න Red Fox එයාගේ හැසිරීමට වඩා විරුද්ධ හැසිරීමක් තියෙන කෙනෙක් වෙලා ...

තනියම මුමුණ මුමුණ එයා යූ ජින්ගේ ඉවදිගේ දිව්වේ පිස්සෙක් වගේ... මුලු හෝල් එකටම හිටියේ ජිමින් විතරයි... ඒත් එයාගේ ඒ අඩි සද්දේ හෝල් එක පුරාම දෙදරන්න ගත්තා....

පාර්ක් යූ ජින්... ඔයාට මගේ ඉවෙන් බේරෙන එක නම් ලේසි නෑ... හහ්...😏
තනියම හිනා වෙවී එයා ඉවදිගේ දිව්වේ Rooftop එකට....

ඒ වෙනකොට කෙල්ල හිටියේ Rooftop එකේ තිබ්බ ලොකු Water tank එකට හේත්තු වෙලා හති ඇර ඇර.....
කෙල්ලට හිතන්න වත් වෙලාවක් නොතියා වේගෙන් ආව ජිමින් එයාගේ අතින් අල්ලලා Tank එකට එහයින් තිබ්බ බිත්තියට තද කරේ කෙල්ලගේ ඇස්දෙකෙන් කදුළු පනිද්දි....

ආහ්... ආව් ඔ...ඔප්පා... අනේ... අතාරින්න ...😥

කෙල්ල කොච්චර කෑ ගැහුවත් ජිමින් හිටියේ ඒ ඇස්වලට මත් වෙලා වගේ... ආව තරහටම කෙල්ලගේ අත තදින් මිරිකගන එයා කෙල්ලගේ මූණට එබුනා....

තමුන්ට මොනාද උන් එක්ක තිබ්බ ගණුදෙනුව.... මම කියලා තියෙනවා නේද උන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා... ආ.. 😠
දැන් ජිමින් බාගෙට බාගයක්ම වෙනස් වෙලා... එයාගේ ඇස් වගේම ඇහි බැම් රතුපාටින් දිලිසෙන්න ගත්තා...
ඒ අත් වල දැන් රතුපාට නහර මතුවෙලා තරහින්ම ඒවා වැඩිපුර එලියට පේන්න අරගන....

__THE RED FOX __ 🦊 ( Completed )Unde poveștirile trăiesc. Descoperă acum