°° With Him °°

244 79 42
                                    


කෙල්ලගේ ඇස් නිසා ආයිත් ජිමින්ගේන් එයාගේ Red Fox ගේ පාලනේ නැතිවෙන්නයි යන්නේ...
ආනියා .... මේක වෙන්න බෑ... මම... මම කොහොම හරි මේකට හුරු වෙන්න ඕනි... 😐

කොල්ලා එහෙම හිත හිතම යූ ජින්ගේ උරහිසෙන් අල්ලලා එයාගේ පැත්තට හරව ගත්තා...
ඒ ලා දුඹුරු පාට ඇස්... පිරුන කම්මුල්... කලින් මූණට වැටුන කදුළු කෙල්ල පිහිදාගන තිබ්බත් ඒවා නිසා තවමත් ඒ ඇස් වගේම කම්මුල් රතු පාට වෙලා...
මොකක්ද උනේ කියලා හිතාගන්න බැරුව කෙල්ලත් ඇස් ලොකු කරන් බලන් හිටියා...

ජිමින් අමාරුවෙන් උනත් ඒ ඇස්දිහා එක දිගට බලන් හිටියේ ඒ ඇස් නිසා තමන්ගේ ඇගේ හිටිය හිවලාව ඇවිස්සෙන එක පාලනය කරගන්න...
යූ ජින් ජිමින්ගේ අත් දෙක ගසලා දාලා එහාට වෙන්න හැදුවේ ආයිත් ඒ රතු ඇස් දකින්න එයාට කිසිම උවමනාවක් නැති උන නිසා...

පොඩ්ඩක් ඔහොම ඉන්න යූ ජිනා... තව ටිකක්...
එහාට වෙන්න හැදුව කෙල්ලව ආයිත් තමන්ගේ පැත්තට හරව ගන්න ගමන් කොල්ලා ඒ ඇස්දිහා මාරුවෙන් මාරුවට බැලුවා..
ඒ එක්කම ජිමින්ගේ ඇස්දෙක එකපාරට රතු පාටට හැරුනේ කෙල්ල උඩට ගත්ත හුස්ම එහෙම්මම හිරකර ගනිද්දි....
ඔ... ඔප්පා.... අ .. අනේ.. 😣
කෙල්ල බයෙන් ජිමින්ට කතා කලත් කොල්ලා හිටියේ දැන් Red Fox ව පාලනය කරගන්න උපරිමයෙන් උත්සාහ කරන ගමන්...
විනාඩි කීපයක් යද්දි ජිමින් සන්සුන් උනා... ඒ ඇස්දිහා තවමත් එයා එක එල්ලේම බලන් හිටියත් කෙල්ල බලන් ඉන්ඩැද්දීම ජිමින්ගේ රතුපාටට හැරීගන ආව ඇස් ආයිත් කලුපාටට හැරුනේ කොල්ලාගේ උත්සාහය අසාර්ථක උනේ නෑ කියලා එයාට දැනෙද්දි...

හ්හාඅ... අහ්.. මම දැන් යන්නම් යූ ජිනා..
ජිමින් එහෙම කියලා කෙල්ලගේ උරහිසේ තිබ්බ අත්දෙක අරන් කලිසම් සාක්කු දෙකට දාගත්තේ ආයිත් පාරක් ඇස් තදකරගන ඔලුවත් ගසන ගමන්......
ඔයා කෑම කන්න ආවෙත් නැති නිසයි මම බලන්න ආවේ.... ඔම්මාට කියන්නම් මම කෑම එක කාමරේට ගේන්න කියලා... ම්ම්ම්... 🙂
දැන් ඒ ඇස්දිහා බලාගන ජිමින්ට ටිකක් පාලනේ ඇතුව කතා කරන්න පුළුවන් වෙලා...
කෙල්ලගෙන් උත්තරයක් එන්නත් කලියෙන් කොල්ලා ඉක්මනට දොරත් වහගන එලියට ගියා...

__THE RED FOX __ 🦊 ( Completed )Where stories live. Discover now