°° Loom °°

243 77 38
                                    


Interval එකේ දි කෙල්ල class එකෙන් එලියට එනකොටම ටේහ්‍යුන් එයාගේ කරටත් අත දාගන එයාව Cafe එකට එක්කන් ගියේ ජිමින් Cafe එකට වෙලා ඒ දෙන්නා එනකන් බලන් ඉන්ඩැද්දී .....
ශීවුව මුණගැහේවි කියන බය නිසා කෙල්ල යන්න අදිමදි කලත් දැන් ජිමින් එයත් එක්ක ඉන්න නිසා එයාට ඒක සහනයක් උනා...

ජිමින් යූ ජින්ට ඉස්සරහින්ම වාඩිවෙලා හිටියත් ඉදලා හිටලා පෙනුන ඒ ලා දුඹුරු පාට ඇස් වලින් එයා පැනලා ගියේ තවමත් හිටපුගමන් තමන්ගේ හිත තමන්ට පාලනේ නැති වෙන නිසා...

ජිමින් කිව්වත් වගේම ශීවු මේ ප්‍රශ්නේ ඇද්දේ නෑ... Cafe එකේදි එයා ජිමින්ගේ ඉස්සරහින් යන හැම පාරකදිම කොල්ලා කලේ එයා දිහා ගිනිගන්න වගේ බලපු එක... ඒ වගේම ශීවු ජිමින් ඉස්සරහ දි එයාගේ ඔලුව නවාගනම ඉන්නත් පුරුදු වෙලා....
ජිමින්ගේ ඒ බැල්ම වගේම කලින් දවසේ වැදුන පාරවල් නිසා ශීවුගේ කට තදින් වැහිලා තිබ්බේ.... ඒ පාරවල් වල සැරට කොල්ලට ඇවිදගන්නත් අමාරුයි... එක ඇහැක් හොදටම ඉදිමිලාත් එක්ක....

ශීවු ගෙන් ආයි ප්‍රශ්නයක් නොවෙන බව තේරුනාම කෙල්ලගේ හිතෙන් ලොකූ බරක් නිදහස් උනා වගේ දැනුනා... දැන් බය නැතුව Cafe එකට එන්න එයාට පුළුවන් ....

****

School ඇරිලා ජිමින් ටේහ්‍යුන් එක්ක Class එකෙන් එලියට එනවත් එක්කම දුවගන එතෙන්ට ආව කෙල්ලෙක් ජිමින් දිහාවට කොලකෑල්ලක් දික්කලේ ඔලුවත් නවාගන...

ජිමින්... මම ... මම ඔයාට කැමතියි...
ඔයාට කෙනෙක් නෑ නේද....
ඔයා කැමති නම් ...................

අදත් Class වලින් එලියට එන ලමයි ඔක්කොම කොරිඩෝ එකේ වෙන සිද්දිය දිහා කුටු කුටු ගගා බලන් හිටියේ අන්තිමට වෙන්නේ මොකක්ද කියලා දැනගන මයි....

ආහ්.. මේ... 😮

ආයිශ් ගනිං කෝ බං... උඹ කවදා වෙනකන් ඔහොම වේලෙන්නද කල්පනාව ආ... 😐
කොල්ලගේ උරහිසට තට්ටුවක් දාන ගමන් ටේහ්‍යුන් කිව්වා....

මේ අහන්න... මෙයාට කවුරුත් නෑ.... ඒක නිසා....
ආහ්..ආව් බං....🙄
ජිමින්ගේ තදබල වැලමිට ප්‍රහාරය හමුවේ ටේහ්‍යුන් කට පියා ගත්තා...

__THE RED FOX __ 🦊 ( Completed )Where stories live. Discover now