°° Because Of You °°

226 71 27
                                    


ජිමින්ට Volleyball Practice තිබ්බ නිසා එයා ටේහ්‍යුන් එක්ක School එකේ නතර උනා..
යූ ජින්ව දෝ හ්‍යුන් School එක ලගටම ඇවිල්ලා එක්කන් ගියේ ජිමින් ටේහ්‍යුන් එක්ක දුර ඉදන් බලන් ඉන්ඩැද්දීයි ....

උදේ Cafe එකේදී දැක්කට පස්සේ ආයිත් කෙල්ල ජිමින්ව ගෙදර එනකන්ම නොදැක්ක නිසා එයා හිටියේ කොල්ලා ගෙදර එනකන් ජනේලෙන් පාර බලාගන.....

මොකක්දෝ හේතුවකට දැන් ජිමින්ව දකින්න යූ ජින්ට නිතරම උවමනා උනා....
ජිමින්ටත් එහෙමමයි... නොපෙන්නුවට එයා නම් පුංචි කාලේ ඉදන්ම කලේ යූ ජින්ගේ වටේ කැරකුන එක....

ජිමින් ගේට් එකෙන් ඇතුලට එනවත් එක්කම කෙල්ලගේ මූණට ආවේ ලොකු හිනාවක්...
ඒක යාලුකමක් නිසාද....
ඊට එහයින් නතරවුන හිනාවක්ද කියන දේ එයා හිතන්න උත්සාහ කලේ නෑ... මොකද මේ දවස් කීපේ ඉදන්ම තමන්ට දැනෙන ඒ අමුතු හැගීම යටපත් කරගන්න එයාට තද උවමනාවක් තිබ්බා...

අද කාලෙකට පස්සේ සේරා දෝ හ්‍යුන් වගේම යූ ජින් එක්ක ජිමිනුත් කෑම මේසෙට වාඩි උනා...
කෙල්ල හොරැහින් ජිමින් දිහා බැලුවත් කොල්ලා ඒ හිටිය තත්පරෙත් උත්සාහ කලේ කෙල්ලගෙන් මූණ හංගගන්න ....

දෝ හ්‍යුනුත් අද වෙනදට වඩා නිශ්ශබ්දයි .... එයත් කල්පනාවක ඉදන්ම කෑම කෑවේ ඉදලා හිටලා ජිමින් දිහායි යූ ජින් දිහායි බලලා හුස්මක් පිට කරන ගමන්.....

එක අතකින් දෝ හ්‍යුන්ටත් දැනුනේ වරදකාරී හැගීමක්.... තමන් නිසා තමන්ගේ එකම දරුවට දැන් මිනිස්සුන්ගෙන් හැංගිලා ජීවත් වෙන්න සිද්ධ උනාම මොන අප්පාටද ඒක දරාගන්න ලේසි...
ඒ වගේම දැන් එයාගේ නොසැලකිල්ල නිසා යූ ජින්ටත් තුවාල උනා වගේම ජිමිනුයි යූ ජිනුයි අතර ඇතිවෙයි කියලා කවදාවත් බලාපොරොත්තු නොවුන බැඳීමක් දළුලන්න අරන්...

ජිමිනා... අදල්....
හැන්දක් පිගානක වැදුනත් දෝන්කාර දෙන තරමට තිබ්බ නිශ්ශබ්දතාව අස්සෙන් දෝ හ්‍යුන් කතා කලා...

දේ අප්පා... 😶

අද රෑට ලෑස්ති වෙන්න .... අපි ඔයාගේ Faded loom ව බලන්න යමු... 🤨
දෝ හ්‍යුන් ස්ථීර හඩකින් කියද්දි ජිමින්ගේ ඇස්දෙක එකපාරටම ගියේ යූ ජින් ලගට....

__THE RED FOX __ 🦊 ( Completed )Donde viven las historias. Descúbrelo ahora