°° I Love U °°

238 72 22
                                    


Flashback .......

Volleyball Matches ඉවර උන ගමන් ටේහ්‍යුන් ජිමින්ගේ කරටත් අත දාගන indoor එක ඇතුලට වෙන්න තිබ්බ Changing rooms පැත්තට ගියා...

ජිමින් නම් හිටියේ මූණ එල්ලගනමයි.... Room එක ඇතුලේ තව ජිමින්ලගේ Group එකේ දෙතුන් දෙනෙකුත් හිටියා...

ජිමිනුත් කතාවක් නැති නිසා ටේහ්‍යුනුත් සද්ද නැතුවම ඇවිල්ලා ලොකර් එකෙන් ඇදුම් ටික එලියට ගත්තා....
ඒ එක්කම දෙන්නට ඇහුනේ එතනම හිටිය Group එකේ අනිත් තුන්දෙනාගේ කතා බහ...

👤 ඔව්... ඔව්... එයා තමයි.... මම නම් දැක්කා... උඹ දැක්කේ නැද්ද.....

👦 ආයිශ් මොකද නැත්තේ... යූ ජින් Tennis කිට් එකට හෙන ලස්සනයි නේ බං....😉

๬ ඔව් අනේ... එයා කොටට ඇන්දම තවත් ලස්සනයි.... 😍

👤 යා... යා.... එයා දිහා බලන්න එපා.. මමයි එයාගෙන් අහන්නෙ මුලින්ම...

๬ ආහ්... අන්ද්වේ ..... යූ ජින් ව මම යාලු කරගන්න එක කරගන්නවා මයි....
මේ අද එයා ලස්සනයි ...... නේ...😏

👦 සුදු පාට කොහොමත් එයාට ලස්සනයි නේ...

යා.....හ්... 😡
කට්ටියගෙම කතාවල් නතර වෙලා හැමෝම ගැස්සිලා යන තරම් සද්දෙන් ජිමින් කෑ ගැහුවේ අතේ තිබ්බ ඇදුම් ටිකත් ටේහ්‍යුන් ට විසික් කරලා අඩි කීපයක් ඒ කොල්ලොන්ගේ පැත්තට තියලා...
මොකක්ද... කිව්වේ... ආ..... කියනවා බලන්න... 😠

ඉස්සරහට යන්න ගිය කොල්ලව ටේහ්‍යුන් තදින් අල්ල ගත්තේ.... නැත්තන් උන්ටත් වෙන්නේ අර Coffee කප් එකට උන දේ කියලා ටේහ්‍යුන් ට තේරුන නිසයි...
ආයිශ් ජිමිනා... එපා බං....

👤 යා.... පාර්ක් ජිමින් .. උඹට මක් උනාද ඒ පාර ආහ්...😃

ජිමිනා... එපා බං... පාඩුවේ ඉන්න.. උන්ගේ කටවල් වල හැටිනේ... වලි දාගන්න එපා... 😥
ටේහ්‍යුන් කොල්ලගේ කනට කරලා කියද්දි එයා ලොකු හුස්මක් අරගන ඒ කොල්ලො ටිකටත් රවලා ආපහු හැරුනේ ලොකර් එක පැත්තට....

ඒ උනාට ඇහුනද උන් කියපුවා.. හහ් .. මට එන තරහා.. 😡
තවමත් අත්දෙක මිට මොලවගන එයා දත්මිටි කකා හිටියේ...

අම්මෝ... බං... දැන් නම් මටත් බයයි වගේ යූ ජින් එක්ක හිනා වෙන්නවත්... 😟
උඹට මාර තරහක් නේ යන්නේ දැන් ලගක ඉදලා... ඈ... 😅

__THE RED FOX __ 🦊 ( Completed )Where stories live. Discover now