CHAPTER 1 ♠️

5.8K 582 245
                                    

"ඩොක්ටර් හදිසී ලෙඩෙක්... දැන් කෝල් එක ආවේ... ඇසිඩ් ඇටෑක් එකක්... පේශන් ටිකක් සීරියස්...හාර්ට් එක වීක්.. "

" අරස්සෝ... "

" ඩොක්ටර් මේක ඩොක්ටර්ට තමයි බලන්න වෙන්නේ...මොකද ඩොක්ටර් ජොන් මේ වෙලාවේ සර්ජරි එකක.."

" අරස්සෝ ..... මං සැරයක් කිව්වනේ මං එන්නම්... "

ඩොක්ටර් ජියා සැරින් සැරේ මට කියවද්දී මං ඒ කිසි දෙයක් ගානකට ගත්තේ නැත්තේ මට ජීවිත වල වටිනාකමක් නැති නිසාටත් වඩා මට මේකෙන් ලොකු ගානක් ලැබෙන නිසා... මගේ අතේ තිබ්බේ Dart Arrow එක ඇගිලි දෙකින් අල්ලලා කැබින් එකේ කෙලවර තිබ්බ ඩාර්ට් බෝර්ඩ් එකට ගහන ගමන් නැගිට්ටේ කවදත් වගේ නොවැරදුන ඉලක්කය නිසා හිතට දැනුන සතුටත් එක්කමයි... ඒ එක්කම මං ජියාගේ මූණ දිහා බැලුවේ එයාගේ රිඇක්ශන් එක බලා ගන්න... හැමදාම දැක්කත් කෙල්ල පුදුම වෙලා වගේ අදත් ඩාර්ට් බෝර්ඩ් එක දිහායි මං දිහායි සැරින් සැරේ බලනවා...

ජියා දිහා බලලා කටකොණකින් හිනා වෙලා ඩොක්ටර් කෝර්ට් එකත් කරකවලා දා ගන්න ගමන් Stethoscope ( වෙද නලාව) එකත් කරට දාන් මං කැබින් එකෙන් එළියට ආවේ හදිස්සියේ එන පේශන්ට්ව බලන්න හිතන්.. මගේ ටාර්ගර්ට් එක මොකක් වුනත් ඩොක්ටර් කෙනෙක් විදිහට මං අන්තිම මොහොත වෙනකම් ලෙඩාව ගොඩ ගන්න උපරිම උත්සහා කරනවා..

මං පාක් ජිමින්... ඩොක්ටර් පාක් ජිමින්..මං Thoracic surgeon කෙනෙක්.. එහෙම නැත්නම් හෘද හෝ හෘද රෝග ශල්‍ය වෛද්‍යවරයෙක්... ඒ වගේම මේ හොස්පිට්ල් එකේ ඩීන්.. JP Hospital මේ වන කොට ඉන්චොන් වල තියෙන හොදම හොස්පිට්ල් එක.. ඒකට මගේ සල්ලී බලෙත් හේතුවක් වෙන්න ඇති... කොහොම වුනත් හැමෝටම මං ඩොක්ටර් කෙනෙක් වුනාට හොස්පිට්ල් එකෙන් පිටතදි මං වෙනස්ම කෙනෙක්...
මං ජීවිතේ දකින්නේ හරි සැහැල්ලු විදිහට... මගේ අතින් ජීවත් වුන අයට වඩා මැරුණ අය වැඩි ඇති...මොකද මං හීරෝ කෙනෙක් නෙවෙයි... මට ඕනේ වුනේ Villian කෙනෙක් වෙන්න... මගේ කතාවේ වීරයා වගේම දුශ්ටයත් මංම විතරක් වෙන්න...

.
.
.
.
.
.
.
.

" ඩොක්ටර් ඔක්කොම රෙඩි..."

" ම්ම්... කජාහ්..."

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Unde poveștirile trăiesc. Descoperă acum