CHAPTER 12 ♠️

1.6K 401 149
                                    

© වැටහෙන් නෑ ...කදුලු ඇයි මෙසේ...
වෙන් වෙන්නෑ...මියැනතුරු මගේ ආදරේ...🥀

~~~~~~~~~~~~~~~~~~~

" ඩොක්ටර් බලාගෙන...."

" I'm Fine චෑන්.. I'm Fine... ඔයා මං කිව්ව වැඩේ බලන්න.."

" දේ..."

සිහිය නැති වෙන තරමට බීලා හිටිය ජිමින්ව චෑන් අමාරුවෙන් වාහනේට දාන් mansion එකට අරගෙන එද්දී පාන්දර 3ටත් කිට්ටුවෙන්න ඇවිත් තිබ්බා.. එන අතරමග ජිමින් වොමිට් කල නිසා mansion එකට එනකොට එච්චර අමාරුවක් කොල්ලට තිබ්බේ නැහෑ... ඒත් මත් ගතිය තවමත් තිබ්බා..

ක්ලබ් එකේදී චෑන්ට වෙන්න ඕන දේ පැහැදිලි කල නිසා චෑන්ට තිබ්බේ ඉතුරු වැඩ ටික බලා ගන්න විතරයි....mansion එකට ඇවිත් ජිමින් අමාරුවෙන් පඩිපෙළේ අත්වැටට වාරු දීගෙන උඩටම යනකම් බලන් ඉදලා චෑන් එතනින් යන්න ගියේ ජිමින් කරන්න කිව්ව දේ කරන්න තව කෙනෙක්ට කෝල් එකක් ගන්න ගමන්..

කවදාවත් නැතුව අද හුගක් බිව්ව නිසා කෙලින් ඉන්න බැරි තරම් මත් ගතියක් නොතිබ්බත් ජිමින්ට එයාගේ ඔලුව පුපුරන්න තරම් කැක්කුමක් ඇවිත් තිබ්බා.. සැරින් සැරේ බොදවෙලා පේන රූප නිසා ඔලුව දෙපැත්තට ගස ගසම ජිමින් මුලින්ම ගියේ සෝයොන්ගේ රූම් එකට...

වෙලාව ගැන ගාණක් නොතිබ්බත් ජිමින්ට ඕන වුනේ සෝයොන්ව බලන්න මිසක් කතා කරන්න නෙවෙයි.. ඉතින් ජිමින් සද්දයක් නොකර සෝයොන්ගේ රූම් එකට ගිහින් කෙල්ල නිදන් හිටිය බෙඩ් එක ලග බිම ඉදන් ලග තිබ්බ බිත්තියට ඔලුව ගහන් දිගටම සෝයොන් නිදන් ඉන්න දිහා බලන් හිටියා...

මුණින් අතට හැරිලා කොට්ටෙට අතකුත් යට කරන් පොඩි ළමයෙක් වගේ නිදන් ඉන්න කෙල්ල ජිමින්ට පෙනුනේ හුගක් හුරුබුහුටියට... දන්නෙම නැතුව ජිමින්ගේ කට කොණකට හිනාවක් ආවේ ඒ නිසා වෙන්න ඇති...

සිද්ද වුන හැමදේම අතීතයට භාර කලත් ඒ සිදූවීම් වල නොමැකෙන අමිහිරි මතක ගොන්නක් ඒ හිත අස්සේ හිර කරන් ඉන්නවා කියලා ජිමින් දන්නවා.. ඒත් ඒ තුවාලේ ඉක්මනින් හොද කරන්න ජිමින්ට ඕන වුනේ නැහෑ... ජිමින් හැම වෙලේම දැක්කේ සෝයොන්ගේ හිතුවක්කර ගති විතරයි. ඒ ගතිය නිසා වුනේ ජිමින්ගේ තරහව තව ඇවිස්සුව එක විතරයි... ඉතින් ජිමින් සෝයොන්ට ලං වෙන්න හිතන් අඩියක් ඉස්සරහට යන හැම වෙලේම අඩි දෙකක් පස්සට තියන්නේ ඒකයි...

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now