CHAPTER 3 ♠️

1.9K 452 144
                                    

~ දන්නවද සෝයොනා... දේවල් ලබා ගන්න ගොඩක් අමාරු වුනාට...ඒ දේවල් අපිට හරි ඉක්මනින් අහිමිවෙනවා.... හරියට මට ඔයාව නැති වුනා වගේ... 🥀~

~~~~~~~~~~~~~~~~~~~~~

Back To The Flashback ...

" තමුසේ ඔතනට වෙලා අල තම්බනවද ?...මෙහේ නවතිනවනම් මගේ පස්සෙන් එනවා.. "

පඩිපෙළේ පඩි දෙක තුනක් නැගලා නැවතුන ජිමින් ආයෙත් කෙල්ල දිහා බලන් කියනවත් එක්කම සෝයොන් තමන්ගේ බෑග් එකත් යන්තමින් වගේ අහුලන් ජිමින් ලගට දුවන් ගියේ ජිබ්බ්‍රා කෙල්ලව කන්න වගේ බලන් ඉද්දී.....

ජිමින්ගේ පස්සෙන් ගිය කෙල්ල කිසිම කතාවක් නොකරම බිම බලන් දිගටම ගියේ තව මොනාහරි ඇහුවොත් කෙල්ලව බේර ගන්න දැන් එතන ටේවත් නොහිටිය නිසයි..
කාමර කිහිපයක් පහු කරන් ගිය ජිමින් අන්තිමට කාමරයක් ඉස්සරහා නැවතිලා කෙල්ල දිහ බලන් හිටියා...

කෙල්ලත් මුකුත් අහන් නැතුවම ජිමින් දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියේ ඇයි කියලා අහන්න වගේ...

රෝස පාටට බෝල වෙලා තිබ්බ සෝයොන්ගේ තොල් දැක්ක ගමන් ඕනම පිරිමියෙක්ගේ හිත මොහොතකට හිරිවට්ටන්න පුලුවන් වුනා.. හීනී දිගැටි ඇස් , පුංචි නහය , පිරුණ කම්මුල් එක්කම කෙල්ලගේ හැඩේට තිබුණ jaw line එක කෙල්ලට ගෙනාවේ වෙනමම පෙනුමක්.. හරියට අඹපු පිළිමයක් වගේ.... ඉස්සරහින් කපලා තිබ්බ කොණ්ඩ කෑලී කෙල්ලගේ ඇස් ලගට වෙනකම් වැටිලා තිබ්බ නිසා සෝයොන්ව ගොඩක් හුරුබුහුටි විදිහට පෙනුනා...

ඒත් මේ කිසි දේකට ජිමින්ගේ හිතේ මොහොතකටවත් තිගැස්මක් ඇති කරන්න පුලුවන් වුනේ නැහෑ... ඒත් ජිමින්ගේ ඇස් නිතරම යොමු වෙලා තිබ්බේ කෙල්ලගේ තොල් වලට...

ඩොක්ටර් කෙනෙක් විදිහට ජිමින්ට ඒ වගේ හැගීම් දැනීම් නැති තරම්.... ඒත් සෝයොන්ගේ තොල් ලග ජිමින්ගේ ඇස් නැවතුනේ ඇයිද කියන්න කොල්ලවත් දන් නෑ....

මුකුත් නොකියා තමන් දිහා බලන් ඉන්න ජිමින්ගේ ඇස් තමගේ තොල් ලග නැවතිලා තියෙනවා දැක්ක කෙල්ලට කටගහගෙන යන්න ඕනේ වුනත් මොකද්ද හේතුවකට මුකුත් නොකියා තොල් කට ඇතුලට දාන් බිම බලා ගත්තා....

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now