CHAPTER 6 ♠️

1.8K 432 110
                                    


~මම කලෙත් ප්‍රශ්න වලින් පැනලා යන එක විතරයි... අනිත් හැමෝම වගේම....🥀 ~

~~~~~~~~~~~~~~~~~~~

Next Day Morning ...

SoYeon Pov.....

හිත හරිම කලබලයි.. මං මාස ගානක් හෙව්ව කෙනා...දවසක් හරි ආයේ හම්බෙයි කියලා හිතුව කෙනා... ස්තූතී කරන්න ඕනේ වුන කෙනා... අද මගේ ලග...

නැහෑ....

මං එයා ලග... ඒත් මෙහෙට ආව වේලේ ඉදන් සිද්ද වුන දේවල් නිසාද මංදා මට එයාට මූණ දෙන්න බයයි.... අනික මේ පරිසරය... මේ අය නරක අය තමයි.. ඒත් මෙහෙට ආව වෙලේ ඉදන් ඒ අය මට හොදින් සැලකුවා... ජිමින් ඇරෙන්න... ඒත් ජිමින් නේද මට හොදින් සලකන්න ඕනේ ?... අහ් මොව්ල්ලා ....

කොහොම හරි මගේ ණයකාරයා ගාවටම මං ආව නිසා මෙහෙම ඉදලා බැහැනේ... ඒත් මං දැන් කොලේජ් යන්න ඕනේ... ඊටත් වඩා මං ඊයේ ඉදන් ඇදන් හිටිය එක පිටින්මයි... කකුල් අත පය වලත් තුවාල.. ඒ මදිවට බෙල්ලෙත්...

බඩත්ගිනියි... කන්න ඕනේනම් පහළ කෑම තියෙනවා කිව්වට මං කොහොමද එහෙම පහළට යන්නේ.. අර නපුරු සතා හිටියොත් මං උගේ කෑම එකක් වෙයි...😩...

Knock ...knock ..knock ....

කාමරේ පුරාම ඇවිද ඇවිද හිටිය මාව ගැස්සිලා ගියේ දොරට කවුරු හරි තට්ටු කළ සද්දෙට... තඩි කෙල ගුලියකුත් ගිලලා කටහඩත් හදන් ඒ කෙනාට එන්න කිව්වේ ඒ කෙනා ජිමින්නම් වෙන්න එපා කියලා දෙයියන්ගෙන් ඉල්ලන ගමන්.. මොකද්ද හේතුවකට මට ඒ ඇස් දිහා බලන්න බැහෑ.. ඒක මට හරිම අපහසුයි.. හරියට මාව කන්න බලන් ඉන්නවා වගේ..

" ආම්.... සෝයොන්ශී.... කන්න එන්න.... "

" ආ දේ...."

" ආ මේ ඒක නෙවේ... කොණ්ද හොදද ?... "

ඒ ආවේ ජේකේ කියන කෙනා.... ඩොක්ටර් කෙනෙක් කියලා කිව්වට මූණ බැලුවමනම් එහෙම කියන්න බැහෑ... හරි මනමාල පාටයි... ඒත් ජිමින් ලග ඉන්නවට වඩා මට ජේකේ ලගදී සැහැල්ලුවක් දැනුනා...

" ම්ම් දේ... දැන් හොදයි .."

මං කිව්වේ තොල් දෙකත් කට ඇතුලට දාන් පොඩ්ඩක් ලැජ්ජාවෙන් බිම බලන්... මොකද ජේකේ මගේ ඇස් දිහාම බලන් කතා කල නිසා මට ඒක අපහසුවක් වුනා...

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα