CHAPTER 16 ♠️

1.4K 373 63
                                    


© ඔබේ දෑස් මතින් මා පැතු පැතුම්
ඔය නෙතු මගෙමයි පෙරූ පිරුම්
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
කදුළැල්ලක් වී ගැලූ තරම්
ඔබ නොදනී මුලු ලොවම දනී ....🥀

~~~~~~~~~~~~~~~~~~~~~~

Back To The Flashback .....

දින කිහිපයකට පසු ...


" සෝයොනා "

" කියන්න චිමී..."

සෝයොන් හිටියේ කිචන් එකට වෙලා ජිමින්ට ස්නැක්ස් ටිකක් රෙඩි කරන ගමන්.. දවස් ගාණට පස්සේ ලැබුණ නිවාඩුව ජිමින්ට ඕන වුනේ සෝයොන් එක්ක ගත කරන්න.. හැමදාම ගෙවුන ඒකාකාරී ජීවිතෙත් එක්ක සෝයොන්ට කම්මැලි කමක් දැනුනත් ජිමින් ලග ඉද්දී කෙල්ලට ඒකේ ගාණන් වුනේ නැහෑ.. ජිමින් හැමදාම හොස්පිට්ල් එකටයි බිස්නස් ඩිල් වලටයි කාලේ යොදවන එක සෝයොන්ට වුනත් පුරුද්දට ගිහින්.. ඒත් ඉදලා හිටලා හරි ලැබෙන නිවාඩුව ජිමින් එක්ක නිදහසේ ගත කරන්න සෝයොන් වුනත් කැමතියි...

ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න ඕනෙම කියලා සෝයොන් කල ඉල්ලිම නිසා ජිමින්ගේ බලකිරීමට කෙල්ලට ගෙදර ඉදන් ඉගෙන ගන්න වුන.. ඉතින් ජිමින් වැඩ වලට ගියාම වුනත් සොයොන් හිටියේ ස්ටඩීස් වැඩ එක්ක බිසී වෙලා... ඒත් දෙන්නගේ ආදරේට කිසිම බදාවක් ඒකෙන් වුනේ නැහෑ.. මොකද දෙන්නට දෙන්නා හුගක් තේරුම් අරන් ජීව්ත් වුන නිසා...නමුත්..

නොහිතුව විදිහට මේ හැම සතුටක්ම දෙන්නගේ ජීවත් වලින් ඈත් වෙන්න පටන් ගත්තේ නොහිතුව වෙලාවකයි.......

" බබා අපි අද එළියට යමුද ? "

ජිමින් ඇහුවේ සෝයොන්ව බැක් හග් කරලා කෙල්ලගේ උරිස්සට නිකට තියන ගමන්...

" චිමී ඔයා හොදින්ද ?.. අසනීපයක් නැහැනේ ?"

ජිමින් කවදාවත් නැතුව ඇහුව දේ ඇත්තටම සෝයොන්ට හිතා ගන්න බැරි වුනා.. මොකද කෙල්ලට සිද්ද වුන දේවල් එක්ක අද එනකම් ජිමින් සෝයොන්ව mansion එකෙන් එළියට නිකමටවත් යවලා නෑ.. අඩුම තමන් එක්කවත් එක්ක ගිහින් නැහෑ.. ඒ තරමට ජිමින් සෝයොන්ව පරිස්සම් කලා... ඉතින් එහෙම වෙලත් ජිමින්ම මේ වගේ දෙයක් එක පාරට ඇහුවම කෙල්ලට පුදුම හිතුන එක සාධාරණයි...

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ