CHAPTER 22 ♠️

1.2K 351 91
                                    


© මේ තරම් කාරණා එක් වුනත් කදුළට..
හඩන්නට තහනම් පිරිමි හිතකට.....🥀

~~~~~~~~~~~~~~~~~


" මොකද්ද වුනේ චෑන්.. මොන මගුලක්ද මෙතන වුනේ ? ආයිෂ්ෂ්ෂ්ෂ්....."

" ඩොක්ටර්.... ආයිෂ්...."

" ඔක්කොටම කලින් ඔය තුවාලෙට බෙහෙත් දාන් ඉමු චෑන්...."

ජිමින් කිව්වේ චෑන්ව අල්ලන් වාරු කරන් mansion එක ඇතුලට යන ගමන්.... චෑන්ගේ අතක් ගැඹුරටම කැපිලා තිබ්බ නිසා මේ වෙනකොටත් තුවාලෙන් හුග ලේ ගිහින් තිබ්බා... මුලු mansion එකම කණපිට පෙරලලා වගේ ... ගැන්ග් එකේ කිහිප දෙනෙක්ටම තුවාල වෙලා තිබ්බා වුනත් ඒ කවුරුත් අසාධ්‍ය තත්වෙක හිටියේ නැහෑ... ඕනම දේකට ඔරොත්තු දෙන විදිහට හමුදා පුහුණුවක් තිබ්බ ජිමින්ගෙ ගැන්ග් එකට ඇටෑක් කරන්න තරම් දක්ෂ වුනේ කවුද කියන එක ජිමින්ට ලොකු කුතුහලයක් වුනා...


" කීයටද මේක වුනේ ? "

" 9.25ට වගේ... අපි හැමෝම උදේ වෝර්ම් අප් කරලා බ්‍රෙක්ෆස්ට් එක අරන් ආවා විතරයි. මං බ්‍රෙස්ක්ෆස්ට් එක අරන් ආව ගමන් මුලින්ම වර්නන්ව බලන්න ගියා... ඒ අතරතුර ග්‍රවුන්ඩ් එකෙන් ආව සද්දේ නිසා මං උඩට ඇවිත් බලද්දී 25ක විතර ගැන්ග් එකක් අපේ අයට ඇටෑක් කලා... ගැන්ග් එකේ භාගයක් හිටියේ ඩොක්ටර් එක්ක වුන අපේ අයට අඩුම 60ක් එක්කවත් ෆයිට් කරන්න පුලුවන් ඩොක්ටර් ... ඒත් අද අපි කාටවත් ෆයිට් කර ගන්න පනක් නැති වුනා... "


" ඒ ඇයි චෑන්... ඔයා හොදින් නෙවේ වගේ.. ඇස් වටේ නිල් වෙලා වගේ... "

ජිමින් කිව්වේ චෑන්ගේ තුවාලෙට බෙහෙත් දාලා ඒ එක්කම චෑන්ව චෙක් කරන ගමන්...


" මට නිකන් දැනුනේ මං පාවෙනවා වගේ .. මං ෆයිට් කරත් ඒ එක පාරක්වත් ඒ අයට වැදුන් නෑ ඩොක්ටර් ... මං හිතන්නේ අපි කට්ටියටම වුනේ එහෙමයි... "

" එහෙම කොහොමද වෙන්නේ..."

එහෙම කිව්ව ජිමින් චෑන්ගේ නාඩි චෙක් කරන්න ගත්තේ ඇහිබැමකුත් උස්සන් හුගක් බරපතල් මූණක් හදන්....

" උදේට මොනවද කෑවේ ?"

" වෙනදා ඒවම තමයි ඩොක්ටර් ... එළවලු එක්ක මස්.... "

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now