CHAPTER 9 ♠️

1.5K 393 98
                                    


©අපට අප මගහැරී යාවී....
මතක විතරක් ඉතුරු වී.... 🥀

~~~~~~~~~~~~~~~~~~~~

Jimin ස්විස් ගිය දින...~

SoYeon Pov...

හිත හරිම කලබලයි... එයා දවස් 4කට රටින් පිට යනවා කිව්ව වෙලේ හිතට සැහැල්ලුවක් දැනුනත් මොකද්දෝ බයක් හිතේ සැරින් සැරේ සක්මන් කලා.. ඒත් ඒ බය මට දිගටම දැනුනේ නැත්තේ ටේශි යි , ජේකේ නිසයි....

ජිමින් උදේම පිටත් වෙලා යද්දී අඩුම ගානේ මට යනවා කියලවත් ගියේ නෑ.. එක අතකට මට කියලා යන්න හේතුවක් එයාට නැහැනේ.. ඒත් මං කාමරේ දොරින් හොරෙන් බලන් හිටියා.. එළියෙන් වාහන සද්දේ දුරට යනකම්ම ඉදලා මං ඇදට වැටුනා. ඒත් මට කොයි වෙලේ නින්ද ගියාද දන් නෑ මං ඇහැරුණේ ජෙකේ රූම් එකේ දොරට ගහන සද්දෙට....

" සෝයොන්... එන්න කන්න.. අයිගූ.. මේ ළමයා තාම නිදිනේ... "

" අනී.. මං එන්නම්..."

" ඕකේ. එහෙනම් වොශ් එකක් දාන් ඉක්මනට එන්න... 😊 "

හැම වෙලේම ලස්සන හිනාවක් එක්ක ජේකේ කතා කරන්නේ පොඩි ළමයෙක් වගේ.. මට කන්න එන්න කියලා මගේ ඔලුවත් අවුල් කරලා එයා එතනින් ගියේ හැමදාම දාන දග හිනාව දාලා.. ජිමින් යන්න කලින් මාවත් එක්කන් ගිහින් ඇදුම් ඔක්කොම අරන් දීලා මගේ අඩුපාඩු ඔක්කොම මෙහෙට ගෙනත් දාලා ගිය නිසා මට ලොකු සහනයක් දැනුනේ..

උදේම දැනුන සිතල නිසා හොට් වොටර් ටිකකින් නාද්දී ඇගට මාර සනීපයක් දැනුනා. දවස් ගානක් මේ ගේ ඇතුලේ ඔට්ටු වෙවී හිටිය මගේ ඇගේ මහන්සිය එහෙන්ම දිය වෙලා ගියා වගේ මට දැනුනේ...

වැඩි වෙලාවක් නොගෙන ඉක්මනට වොශ් දාන් ඇදුමකුත් දාන් මං පහළට ගියේ අර ජිබ්බ්‍රා කියන සතා ඉන්නවද කියලා බයෙන් බයෙන්...

Grrr......~~

" ආආ ඔම්ම්මාආඅයාඅ 😫😫 "

පහළට එනකොටම පඩිපෙළ අස්සේ ඉදන් ජිබ්බ්‍රා එක පාරට ගොරවගෙන පැන්න පාර මං දන්න ශිල්ප ඔක්කොම දාලා බේරිලා දුවන්න හැදුවේ... ඒත් අඩියක්වත් යන්න හම්බුනේ නැහෑ.. මාව ගිහින් පර්වථයක් වගේ ඇගක හැප්පුනා... නහයත් තැලුනා , තොලත් හැපුනා...

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now